මාගම්පුර වාරයේ ඊයේ කරපු තවත් වැඩක් මෙන්න

489

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනිදා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම වෙත පවරාදීමෙන් පසු ප්‍රථම වතාවට චීන ජාතික කොඩිය ඊයේ (01දා) පෙරවරුවේ මාගම්පුර වරායේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල ඉදිරිපිට ඔසවන ලදී.

මීට පෙර ශ්‍රී ලංකා ජාතික කොඩිය ඇතුළු වරාය අධිකාරියේ සංකේත කොඩි එහි ඔසවා තිබිණි. නමුත් ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබුණේ අනෙක් කොඩි කණුවලට වඩා අඩි එකහමාරක පමණ උසින් වන අතර මීට දින දෙකකට ඉහතදී සියලු කොඩි කණු එක සමාන වන සේ ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබූ කොඩි කණුව උසින් අඩුකර තිබේ.
මේ අතර තම දරුවන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් මාගම්පුර වරායේ හිටපු සේවකයන්ගේ මවුපියන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහය 42 දිනටත් ඊයේ (01දා) පැවැත් විය.

සත්‍යග්‍රහයේ නියෙළෙමින් සිටින තම මවුපියන් හට සහයෝගය දක්වමින් එම ස්ථානයේ රැඳී සිටින මාගම්පුර වරායේ හිටපු සේවකයන් කිරිබත් වෙනුවට කොස් තම්බාගෙන තම උදෑසන ආහාරය ගන්නා අයුරු දක්නට ලැබිණි.