දේශපාලන

පොහොට්ටුවේ අපේක්ෂකයෙක් 16යේ දැරියගේ නිවසට පනී , පියාට පහර දී රෝහලේ

බිංගිරිය මැතිවරණ කොට්ඨාශයේ උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට මෙවර තරගවදින අපේක්ෂකයෙක් වන ටිකිරි බණ්ඩාර නෙලුම්දෙණිය නම් අපේක්ෂකයා පෙරේදා රාත්‍රියේ වයස අවුරුදු 16 පමණ වන දැරියක් වෙසෙන නිවසක බලහත් කාරයෙන් ඇතුල් වීමට යන අවස්ථාවේදී ඇති වූ ගැටුමක් හේතුවෙන් එම දැරියගේ පියා මේ වන විට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Loading...

මෙම දැරියගේ පියා ඔහු සමග ඇති වූ බහින් බස් වීමකදී හිසට කල පහර දීමක් හේතුවෙන් පියා මේ වන විට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාල සැකකාර අපේක්ෂක ටිකිරි බණ්ඩාර  බිංගිරිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකාර අපේක්ෂකයා මෙම දැරියට නිතරම කරදර කිරීම හේතුවෙන් මිට පෙර දැරියගේ පියා විසින් පොලිසියට පැමිණිලි කර ඇති  බවද වාර්තා වේ.

 

Related Posts