හිරු බලයට එන්න කලින් කෑමට ගිය “අප්පච්චි මළා” ඇමතිට පණුවෝ කන්න දීලා – වීඩියෝ සහිතයි

826

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් ආහාර ගැනීමට ගිය විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයාට පිළිගැන්වූ කෑම පිඟානේ තිබියදී පණුවෙකු හමුවීමේ පුවතක් වාර්තා වනවා. හිරු ටී.වී ඔස්සේ ඊයේ (28) විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට සහභාගී වීමට පැමිණි අමාත්‍යවරයා වැඩසටහනට සහභාගී වීමට පෙර ආහාර ගැනීමට ගිය අවස්ථාවේදී මෙම අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

නැවත මෙවැනි සිදුවීම් සිදුනොවන ලෙසට වග බලා ගන්නා ලෙසටයි එම අවස්ථාවේ වන්හලේ සේවකයින්ට අමාත්‍යවරයා පවසා ඇත්තේ.අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ මෙරට සංචාරයක නිරත විදෙස් ජාතිකයෙකු මෙම අත්දැකීමට මුහුණ දුන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයටද විශාල හානියක් බවයි.

වීඩියෝව පහතින් නරඹන්න (උපුටා ගැනීම හිරු පුවත්)