ගෙවී යන වසරේ සුවිශේෂ සිදුවීම්

258

ජනවාරි 03
මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කළ රුපියල් මිලියන 12කට අධික මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය හේතුවෙන් නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න මහතා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම.

ජනවාරි 04
තිරසර යුගයක් සඳහා වන රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම.

ජනවාරි 11
රජයේ වාහන 40ක් සිය පවු‍ලේ සමීප ඥාතීන් හිතමිතුරන් විසින් භාවිතා කිරීමේ චෝදනාව මත විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම.

ජනවාරි 17
අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට නිවේදනය
කිරීම.
ආන්දෝලනයට තුඩු දී තිබූ කොට්ඨාස සීමා නිර්ණ වාර්තාව ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට බාර දීම.

ජනවාරි 19
ජී.එස්.පී. තහනම ඉවත් කළ බවට යුරෝපා සංගමය නිල වශයෙන් නිවේදනය කිරීම.

ජනවාරි 24
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීම.

ජනවාරි 26
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ වාර්තාව නීතිපතිට බාර දීම.

පෙබරවාරි 22
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශන කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සාක්ෂි දීම.

පෙබරවාරි 27
පාතාල කල්ලි නායක එම්.පී. අරුණ දමිත් උදයංග නොහොත් “සමයං” සහ ඔහුගේ ගෝලයන් පහක සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම.

මාර්තු 08
මැති සබයේ කටයුතුවලට දිගින් දිගටම බාධා කිරීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයකට මැති සබය තහනම් කිරීම.

මාර්තු 13
එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරියක වූ රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වීම.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ලාංකිකයන් සිටි නැව පැහැර ගැනීම.

අප්‍රේල් 14
මීතොටමුල්ල කසළ කන්ද නාය යෑම.

අප්‍රේල් 25
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඹුල්ල ආසන සංවිධායක ධුරය දැරූ ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ පාතදුම්බර සංවිධායක ලොහාන් රත්වත්තේ යන මන්ත්‍රීවරු සංවිධායක ධුරවලින් ඉවත් කිරීම.
සිය පියා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැරූ සංවිධායක ධුරය ඉවත් කිරීම නිසා මධ්‍යම පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම.

අප්‍රේල් 26
රෝහණ දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාත‍ලේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීම.

අප්‍රේල් 28
කුණු ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීමට හදිසියේ පාර්ලිමේන්තුව රැස් කිරීම.

මැයි 3
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිභාවය දැරීම නිසා මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කිරීම.

මැයි 9
‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඉලක්ක කර පිළියන්දලදී වෙඩි තැබිමේ සිද්ධියෙන් ‍පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගිය අතර තවත් හයදෙනකු තුවාල ලැබිය.

මැයි 10
උතුරුමැද පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා එම ධුරයෙන් ඉවත් කර හේරත් බණ්ඩා මහතා පත් කිරීම.
උතුරුමැද පළාත් ප්‍රවාහන හා යෞවන කටයුතු ඇමැති එස්.එම්. රංජිත් මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම.
වෙසක් පුර පසළොස්වක ‍පොහොය නිමිත්තෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 597 දෙනකුට ජනාධිපති සමාව දීම.

මැයි 11
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණීම.
පාතාලයේ නායක මධුෂ්ට අයත් බව කියන කෝටි 200ක හෙරොයින් කිලෝ ග්‍රෑම් 200ක් ‍පොලිස් භාරයට ගැනීම.

මැයි 15
තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය දුන් තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලා ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාම.

මැයි 16
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් ප්‍රකාශක ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කිරීම.
උතුරුමැද පළාතේ ප්‍රවාහන, ක්‍රීඩා හා කර්මාන්ත ඇමැතිවරයා ලෙස සුසිල් ගුණරත්න මහතා පත් කිරීම.

මැයි 17
එම්.බි. සේමසිංහ හා ආර්.එම්.පී.බි. රත්නායක යන මහත්වරු උතුරුමැද පළාත් සභාවේ අමාත්‍ය ධුරවලින් ඉවත් කර සරත් ඉලංගසිංහ හා සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරු එම අමාත්‍ය ධුර සඳහා පත් කිරීම.

මැයි 22
වත්මන් රජයේ පළමු කැබිනට් සංශෝධනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතාට දීම. විදේශ අමාත්‍ය ධුරය රවි කරුණානායක මහතාට බාර දීම. එහිදී කැබිනට් ඇමැතිවරු නවයක් හා රාජ්‍ය ඇමැතිවරයෙක් දිවුරුම් දුන්හ.

ජූනි 05
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ඝාතනයේ සාක්ෂි වසන් කළ බවට චෝදනාව යටතේ වසරකුත් දින දොළහක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති අනුර සේනානායක මහතා ඇප මත මුදා හැරීම.

ජූනි 15
උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව මන්ත්‍රීවරු 21කගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාව පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට භාර දීම.

ජූනි 19
කසළ බැහැර කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇරුමුගම් තොණ්ඩමාන් මහතා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම.

ජුලි 05
සන්ඩේ ලීඩර් මාධ්‍යවේදිනි මෙල් ගුණසේකර මෙනවිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඇන්ටන් ජෝර්ජ්ට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කිරීම.

ජූලි 10
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලව අවට ගොඩ ගසා තිබූ අබලි යකඩ තොගයක් යුද හමුදාව යොදාගෙන ඉවත් කිරීමේදී සිදුව ඇතැයි කියන දුෂණයන්
සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහාපරිමාණ වංචා දූෂණ සෙවීමේ කොමිසමට කැඳවීමය.
ජල සම්පාදන අමාත්‍යවරයාව සිටියදී අමතර ප්‍රදේශයේ ජලයබෙදා හැරීමේ ව්‍යාපෘතියකට අදාළව සිදුව ඇතැයි කියන දූෂණයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට දිනේෂ් ගුණවර්ධන මහතා මහා පරිමාණ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට කැද¼වීම
මාත‍ලේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස කටයුතු කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම තනතුරෙන් ඉවත් කර නනදිමිත්‍ර ඒකනායක මහතා පත් කිරීම.

ජුලි 19
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වීම.
ස.තො.ස ගඩබාවට ගෙන යමින් තිබූ කන්ටේනරයක කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 160ක් ‍පොලිස් භාරයට ගැනීම

ජූලි 20
අතුරුදන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, පරිපාලනය හා කර්තව්‍ය ඉටු කිරීම පිළිබඳ පනතට අදාළ ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබිම

ජූලි 22
යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංච්ෙලියන් මහතා ඉලක්ක කර වෙඩි තැබිමේ සිද්ධියෙන් එහිදී විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් නිලධාරියෙකු තුවාල ලැබිය.

අගෝස්තු 02
බැඳුම්කර කොමිසමේ සාක්ෂි ලබාදීමට රවි කරුණානායක මහතා පැමිණීම.

අගෝස්තු 03
රවික රුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයවිශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට භාරදීම.

අගෝස්තු 07
‘ආවා’ කල්ලි ප්‍රධානියා ‍පොලීසිය අත්අඩංගුවට ගැනීම.

අගොස්තු 10
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රවි කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම.

අගෝස්තු 12
මීගමුව කුරණ ප්‍රදේශයේදී ‍පොලිස් විශේෂ බළකා නිලධාරීන් හා පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ ගෝලයන් අතර වෙඩි හුවමාරුවක්.

අගෝස්තු 15
ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම.
රෝහිත රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම.
විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස තිලක් මාරපන මහතා දිවුරුම් දීම.

අගෝස්තු 16
වසීම් තාජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම.

අගෝස්තු 17
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ‘හෙට දකින රනිල් ‘ ඡායාරූප ප්‍රදර්ශනයක් ආරම්භ කිරීම.

අගෝස්තු 23
පළාත් සභා මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට අදාළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම.

අගෝස්තු 24
සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායක කරු ජයසූරිය මහතාට භාර දීමය.

සැප්තැම්බර් 06
හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත්, වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ වැල්පිට යන මහත්වරු බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් නියම වීම.

සැප්තැම්බර් 12
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතා ඉවත් කිරීම.

සැප්තැම්බර් 20
හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ වැල්පිට යන මහත්වරුන් ඇප මත මුදා හැරීම.

සැප්තැම්බර් 27
යාපනය විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හත් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කිරීම.

ඔක්තෝබර් 10
අධිකරණ නියෝග නොතකමින් හම්බන්තොටදී විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර හා පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර යන මහත්වරු අත්අඩංගුවට ගැනීම.
එක්සත් ජාතික පක්ෂයේ මහ‍ලේකම්, ඇමැති කබිර් හෂීම් හා එහි සභාපති ඇමැති මලික් සමරවික්‍රම බැඳුම්කර කොමිසමේ සාක්ෂි ලබාදීම

නොවැම්බර් 02
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරිය නොහැකි බව
ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.

නොවැම්බර් 16
කෝප් කමිටුවේ සාමාජිකයන් වන දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ හා හර්ෂණ රාජකරුණා යන මහත්වරු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාද පැවැත් වූ බවට බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීම.

නොවැම්බර් 20
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමේ සාක්ෂි දීමට පැමිණීම.

නොවැම්බර් 23
පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාට විශ්වාසභංග යෝජනා දෙකක් භාර දීම.

දෙසැම්බර් 05
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගැනීම.

දෙසැම්බර් 10
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම.

දෙසැම්බර් 18
පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 ලෙස ප්‍රකාශයට පත් කිරීම

දෙසැම්බර් 19
නිමල් ලංසා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වීම.