Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

ඔබේ ජංගම දුරකථනයේ බැටරිය හරියට තියාගන්න ඕනේ නම් මෙන්න කල යුතු දේ

902

බල්ලා කාලාන්තරයක් තිස්සේ වනාන්තරයේ වාසය කළ හෙයින් ටයිල් කළ පොළොවේ නිදාගන්නට සැරසුණද ඊට පෙර වට දෙක තුනක් කැරකී නිදා ගැනීම බල්ලාගේ සිරිතයි. මිනිසාගේද එවන් වූ පැරැණි මත තාක්ෂණයෙන් අනූන වූ කාලයේදී ද නොවෙනස්ව පවතී. අපි ඒවා කිහිපයක් ගැන සොයා බලමු.

බැටරිය දිගටම චාර්ජරයට සම්බන්ධ කර තියන්න එපා

Loading...

දවස තිස්සේ විවිධ රාජකාරිවලට යන අපි එක්කම අපේ සාක්කුවට බැහැලා තැන තැන යන ෆෝන් එක චාජ් කරන්න මතක් වෙන්නේ රෑට. ඒත් රෑට චාජ් කරද්දි දිගටම සම්බන්ධ කර තියන්න හොදද කියන විචිකිච්චාව අපිට ඇති වෙනවා. බැටරිය චාජරයට සම්බන්ධ කර ඇතිවට එසේ ඕවර් චාර්ජ් වීමේ දෝෂයක් දැන් නම් නැහැ. නියම ප්‍රමාණයට චාර්ජ් වූ පසු සැලකිය යුතු කලක් යනතෙක් ෆෝන් එක විදුලි සම්බන්ධතාවය ෆෝන් එක මඟින්ම විසන්ධි කරනවා.

චාර්ජ් කරන අතර පාවිච්චිය හොද නැහැ

අන්තර්ජාලයේ හුවමාරු වුණු, බැටරිය පිපිරීම නිසා වුණු අනතුරු කිහිපයක් දැකපු ඇතැම් අය ෆෝන් එක චාර්ජ් කරන අතර කෝල් ගැනීම හෝ ස්මාට් ෆෝනයක නම් ඇප්ස්වල වැඩ කිරීම දකින්නේ ලොකු අවධානමක් විදියට. එහෙත් අනවශ්‍ය ලෙස රත් වීමක් සිදු නොවනවා නම් ෆෝන් එක චාර්ජ් කරන අතරතුර දී භාවිත කිරීම ලොකු වරදක් වන්නේ නැහැ.

ෆෝන් එකේ බැටරිය සම්පූර්ණයෙන් බැස්සම බැටරි ෆුල් වෙන්න චාජ් කරන්න ඕනි

පෙර තිබූ බැටරිවල බැටරියේ සැබෑ තත්ත්වය හඳුනා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ලිතියම් අයන් තාක්ෂණයෙන් එන නවීන බැටරිවල බැටරියේ තත්ත්වය හඳුනා ගන්නට හැකියි. එම නිසා ආදි කාලයේ ලෙසින් ෆෝන් එක බිංදුව වුණ තැන් පටන් උපරිම වනතෙක් බලා සිට උපරිම වූ සැනින් චාර්ජරය ගැලවීමේ වුවමනාවක් දැන් නැහැ. එසේම ෆෝන් එකේ බැටරි බලය 20% ක් හෝ 15%ක් වන විට නැවත චාජරයට සම්බන්ධ කිරිම වර්තමාන ලිතියම් අයන බැටරිවල ආයු කාලය වැඩි කර ගන්නට හේතු වෙනවා.

එකපාර රන් වන ඇප්ස් ඕෆ් කරන්නට ඕනි

මෙය සරලව කිව්වොත් බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඉවත් කර සුද්ද කිරීමේන් විශාල බැටරි බලයක් ඉතුරු වෙනවා යැයි මතයක් තිබෙනවා. එහෙත් බැක්ග්‍රවුන්ඩ් ඇප් මඟින් ලබා ගන්නා බැටරි බලය අඩුවන ආකාරයට දැන් දැන් ස්මාට්ෆෝන්වල මෙහෙයුම් පද්ධති සකසන නිසා තව දුරටත් බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඉවත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් ඒ ඇප්ස්වලට මොබයිල් ඩේටා ලබා ගැනීම සහ ඒ ඇප්ස්වල තිබෙන විසිතුරු නොටිෆිකේෂන් නම් බැටරි බහින්න යම් බලපෑමක් සිදු කරනවා. ඒ නිසා පොප් අප් නෝටිෆිකේෂන් ඕෆ් කරලා ඇප්ස් පාවිච්චි කරන එක බැටරියට වඩාත් වාසිදායකයි.

ෆෝන් එකට අදාළම චාර්ජරය පාවිච්චි කරන්නට ඕනි

ඒ ඒ ෆෝන් සමාගම් වෙතින් දැඩිවම ලැබෙන උපදෙසක් වන මේ හරහා, ෆෝන් එකට ලැබෙන චාජරයම භාවිත කරන්නට උපදෙස් දී තිබෙනවා. එහෙත් ඒ සමාන ඇම්පියර් ප්‍රමාණය ලැබෙන චාජරයකින් චාර්ජ් කිරීමෙන් ෆෝන් එකේ බැටරියට ලොකු දොසක් වන්නේ නැහැ. නියමිත ඇම්පියර් ගාණ නොලැබෙන අවස්ථාවලදී නම් ෆෝන් එක චාර්ජ් වෙන්න යම් වැඩි කාලයක් ගත වුවත් ඒ මඟින් බැටරියට ලොකු හානියක් නැහැ. ෆෝන් එක ඉක්මනින් චාර්ජ් වෙන පහසුකම තිබෙන එකක් නම් (ෆාස්ට් චාර්ජින්) ඒ වැඩි ඇම්පියර් ගාණ අඛන්ඩව සපයන හොඳ චාජරයක් යෙදීමෙන් ෆෝන් එක ඉක්මනින් චාජ් වෙනවා නම්, එය අදාළ ෆෝන් එක සමඟම එන චාර්ජර මාදිලිය නොවුණාය කියා ලොකුවට දුක් වන්න අවශ්‍යතාවයක් නැහැ.

ලොකේෂන් බ්ලූටුත් වයිෆයි

මොබයිල් ඩේටාවලට සාපේක්ෂව වයිෆයි සහ බ්ලූටුත්වලට යොදා ගන්නා බැටරි බලය අඩුයි. කලකට පෙර නම් ලොකේෂන් හෙවත් ස්ථානය දැන ගන්නා සේවාවන්ට වැඩිමනක් බැටරි බලය වැය වුවත් දැන් දැන් ඒ සේවාවනට වැය වන බැටරි බලය අඩු වන ලෙස ෆෝන් නිපදවා තිබෙනවා. ෆෝන් එකකින් සාමාන්‍ය එදිනෙදා භාවිතයේදී පැය 14-16ක් අතර ෆෝන් එක පාවිච්චි කරන්නට පුළුවන් නම් ෆෝන් එකේ තිබෙන එක් එක් විශේෂාංග නවතාලමින් බැටරිය උදෙසා ෆෝන් එක සීරුවෙන් තැබීම තවදුරටත් තේරුමක් නැහැ.

ෆෝන් බැටරිය කියන්නේ ෆෝන් එක වගේම කාලයත් සමග අපගේ අවශයතාවය පිණිස වෙනස් වූ දෙයක්. පැරැණි මතිමතාන්තර හිතේ දරාගෙන දෙගිඩියාවෙන් ෆෝන් එකේ බැටරිය සවුත්තු වෙයිද යන දෙගිඩියොවෙන් තොරව ෆෝන් රිසි සේ පාවිච්චි කරන්නට අද දවසේ ස්මාට් ෆෝන් බැටරි තාක්ෂණය මඟින් අපිට ඉඩහසර විවර කොට දි තිබෙනවා.