Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

චීනයෙන් පැමිණි මහාචාර්යවරයකු,ව්‍යාපාරිකයෙක්, දුම්රිය සේවකයෙක් අවුකන බුදු පිළිමය අසලදී – Video

579

චීන ජාතික මහාචාර්යවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට දී තාවකාලික පැවිදි භාවය ලබා ගැනීම අද(26) බුද්ධ ශාසන  අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියන් ගේ මැදිහත්වීම මත චීනයේ  තාලියන්  නගරයේ පදිංචි ව්‍යාපාරික මහතෙක්, එරට  දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක මහතෙක්  සහ චීන  විශ්ව විද්‍යාලයක  චිත්‍ර මහාචාර්යවරයකු මෙසේ තාවකාලික පැවිද්ද ලබා ගත්හ.මෙසේ පැවිදි භාවයට පත්වූයේ චීනයේ තාලියෙන් හි පදිංචි ව්‍යාපාරික වන් ලී ගෝ  මහතා තාලියම්  පදුමකිත්ති නමින් ද, දුම්රිය සේවයේ සේවකයකු වූ වං හුයි මහතා තාලියම්  පඤ්ඤාකිත්ති නමින් ද,  චීන විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය මහාචාර්ය යං ජුන් මහතා තාලියම්  සුමනකීර්ති යන නමින් ද පැවිදි දිවියට ඇතුළත් වූහ.

Loading...

වීඩියෝව පහතින් නරඹන්න