Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

88/89 භීෂණ යුගයේ මියගිය මාතර ජේමිස් මාමගේ කතාවෙන් බුකිය සීරුවෙන්

1178

දේශපාලන ලෝකය මේ දිනවල ලංකාවේ ටිකක් උණුසුම්.ඉතින් හැම අතින්ම තම තමන් කරපු වැරදි ප්‍රති විරුද්ධ අය චෝදනා කරනවා.ඉතින් මේ දිනවල ඒ වගේ නොයෙක් දේ ෆේස්බුක් සමාජ ජාලා වල නිතර නිතර හුවමාරු වෙනවා.ඒ වගේ කතාවක් මේ දිනවල කාගේත් කතා බහට ලක් උනා.

Loading...

” මාතර තෙලිජ්ජවිල ජේමිස් මාමා ගෙදරය ආසන්නයේම පුංචි කඩයක් කල කෙනෙක්.කඩයක් කිව්වට ඵ්ක මහා ලොකු කඩයක් නෙවෙයි.උදේට පාන් ටිකක් හුලං විස්කොතු ටිකක් ඥානකතා ටිකක් ලොකු වීදුරු බෝතල් වලට දාලා බුලත් විට හේමත් තිබුන කඩයක්
ගමේ කාටත් කරදරයක් නැති හැමෝටම උදව් කරන ජේමිස් මාමාගේ කඩේත් 88/89 භිෂන කාලේ භිෂනයට ලක් වූවා
වරක් දෙවරක් නොව.චේගුවේරා කාරයෝ කඩේ වහන්න කිව්වාම ජේම්ස් මාමත් කඩේ වැහුවා.

වෙන මොනාටවත් නොවේ පරාණ බයට.හවසට චේගුවේරා කාරයෝ ඇවිත් කඩේට තුණ්ඩුවක් දුන්නාම දවසක් දෙකක් කඩේ වහනවා
රටේ වදුරු නීතියට යටත් වෙන්න වෙනවා පරාණ බයට.මලමිණි සුවදට ආසා කල ඵ් කාලේ පාලකයෝ තරගෙට ගමේ අහිංසකයින් චේගුවේරා කාරයෝ කියලා අරන් ගිහින් මරලා ගමේ හංදිවල පිච්චෙන්න දානකොට ගමේ හිටය චේගුවේරා කාරයොත් තරගෙට මිනි මැරුවා .

ඉතින් ඔය වාගේ් මේ රටඑ විශාලා මහානුවරක් වෙනකොට රටේ මිනිසුන් කාට කියන්නද රටක නීතියක් නැතිව ගිහින්
මිනිස්සු අසරණවෙලා.89 වසරේ දවසක සිරිත් පරිදි උදේ පාන් බේකිරියේ පාන් කාරයා ඇවිත් උදේ ජේමිස් මාමගේ කඩේට ඇවිත් පාන් ටිකක් දාලා හුලං විස්කොතු පැකට් දෙක තුනකුත් දීලා ගියා .ඊට පැයකට පමන පසු චේගුවේරා කාරයෙක් ඇවිත් පුෂ් බයිසිකලයකින් ලිව්මක් දීලා ගියා හනිකට.

”වහාම කඩේ වහපන් නැත්නම් විදවන්න වෙයි”ජේමිස් මාමා වහාම කඩේ ලෑලිටික වහලා කඩේ ඇතුලට වෙලා කාට කියන්නද මේ අවනඩු කියලා හිතින් හිතමින් හිටියා .කඩේ පිටුපස දොරෙන් කවුදෝ දොරට තට්ටු කරන හඩ ඇසුනා.අනේ ජේමිස් මාමේ ගෙදර පොඩි උන්ට දවස් දෙකකින් කන් මුකුත් නෑ අනේ අයියේ පාන් ගෙඩි්යක් දීපන් පිංසිද්ද වෙයි.මම මේ මාගරට් බන් දන්න හදුනන කට හඩක් ඵලියේ සිට කෑ ගහනවා පොඩි උන්ට බඩගින්නට පාන් ගෙඩියක් ගන්න ඉල්ලන්න ඇවිත්  පාන් ගෙඩියක් දීලත් බෑ පව් පොඩි උන් බඩගින්නේ අඩනවා ඇතිජේමිස් මාමා කඩේ පිටුපස්සේ දොර හිමිහිට ඇරලා පාන් ගෙඩියක් දීලා වහාම දොර වහගත්තා
මාගරට් නොනා පිං දිදි පාන් ලෙඩිය අරන් ගියා.ජේමිස් මාමා සැනසුම් සුසුම් හෙලුවා පව් පොඩි් උන් ඕක කාලාවත් උන්ගේ බඩගින්න නිවාගනියි කියලා.

ඊට ටික වෙලාවකට පමන පස්සේ මුහුණ වහගත්තු දෙන්නේක් ඇවිත්  කඩේ පිටුපස දොර කඩන් කඩේ ඇතුලට ආවා
ජේමිස් මාමා බය වෙලා ගුලිඋනා.උඹට අපි දැන්වීමකින් දන්නලත් උඹ අපේ නීති කඩ කරා නේද?දේශමාමකයින්ගෙන් උඹට ගැලවීමක් නෑ.කියලා ජේමිස් මාමාට වෙඩි තියලා යන්න ගි්යා.ගියේ කඩේ තිබුන පාන් ටිකත් හුලං විස්කොතු ටිකත් පොදි ගහගෙන
කඩේ අවට ගෙවල් වල මිනිසුන් ඵලි්යට ඵන්න බයේ ගෙවල් ඇතුලේ සිට කුඩා හිඩැස්වලින් දර්ශනය දැක්කා .චේගුවේරා කාරයින් ගියාට පස්සේ ගමේ මිනිසුන් ඵකා දෙන්නා බියෙන් බියෙන් කඩේ පැත්තට ආවා .කඩේ දොර කඩලා ජේමිස් මාමා මුල්ලක වෙඩි වැදි මැරී සිටියා
ඔහු කල වරද නම් ගමේ බඩගින්නේ හඩන දරුවන්ට පාන් ගෙඩියක් දීම.ඔබට මතකද මේ ඵ්ක් සිද්ධියක් පමනී”