නත්තලට සුබ පතලා පටන් ගත්ත SMS සේවාව WhatsApp දක්වා පැමිණි මෙතෙක් ඔබ කිසිම දවසක නොඇසූ කතාවක්

320

අන්තර්ජාලය හරහා Text Messages හෙවත් කෙටි පණිවුඩ යෑවීම මෑත ඉතිහාසයේ දැවැන්ත ලෙස නව්‍යකරණය වූ තාක්‌ෂණික අංගයක්‌ වී හමාරය. මීට දශක එකහමාරකට පෙර කාලය ඔබට මතක නම් එදා මෙදාතුර පණිවුඩ යෑවීමේ දියුණුව අදහාගත නොහැකි තරමටම දියුණු වී ඇති බව ඔබ පිළිගන්නවා ඇත. ලොව පළමු කෙටි පණිවුඩය (SMS) යෑවුනේ මීට වසර විසිපහකට කලින්ය. ඒ 1992 වසරේ දෙසැම්බර් තුන් වැනිදාය. නීල් පැප්වර්ත් (Neil Papworth) නම් විසි දෙහැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවකු විසින් Vodafone හි සේවකයකු වන රිචඩ් ජාවිස්‌ (Richard Jarvis) හට එම පළමු කෙටි පණිවුඩය සාර්ථකව යවන ලදී.

එම පණිවුඩයෙහි සටහන් වුයේ -Merry Christmass ලෙසින්ය. එකල ජංගම දුරකථනවල අදමෙන් අකුරු සහිත යතුරු පුවරුවක්‌ (Key Board) නොතිබීම නිසා නීල් එම පණිවුඩය සටහන් කළේ තම පුද්ගල පරිගණකය ආශ්‍රයෙනි. –Orbitel 901එම පණිවුඩය ලබාගත් ග්‍රාහක දුරකථනය විය. පසුකාලීනව අන්තර්ජාලය ඇසුරෙන් ගොඩනැගුන පණිවුඩ හුවමාරු සේවාවන් වල එක්‌ පණිවුඩයක අසීමාන්තික ලෙස අකුරු (Charactors) ටයිප් කළ හැකි වුවත් මුල් කාලයේ එක්‌ SMS එකක සටහන් කළ හැකි වුයේ අකුරු 160ක්‌ පමණි.

මේ සීමාව නිසාම මෙම පණිවුඩ Short Message Service ලෙස හඳුන්වනු ලැබීය. ඉන් ඇරඹී වසර විස්‌සකට පසු 2012 වනවිට ලෝකය පුරා යවන ලද SMS  ප්‍රමාණය බිලියන 151 කි. පසුව කරලියට ආ ස්‌මාට්ෆෝන් සහ ඒවායේ ධාවනය වූ සදි, Android වැනි මෙහෙයුම් පද්ධති සමග අන්තර්ජාලය පදනම් කරගත් බොහෝ ටෙක්‌ස්‌ටින් ඇප්ස්‌ (Texting Apps) නිපදවෙන්නට විය. අද වනවිට ලොවපුරා ජනප්‍රිය වී ඇති මෙම ඇප්ස්‌ අතර Messenger “WhatsApp Messenger” WeChat” Line” Viber” Blackberry Messenger (BBM)” Telegram Messenger” Kakaotalk වැනි ඇප්ස්‌ ප්‍රධාන තැනක්‌ ගනී. මේ අතරින් WhatsApp වල පමණක්‌ බිලියනයක පිරිසක්‌ දිනපතා පණිවුඩ යවාගන්නා අතර දිනකට එලෙස හුවමාරු වන පණිවුඩ ප්‍රමාණය බිලියන පනස්‌ පහක්‌ බව කියෑවේ.

සාමාන්‍යයෙන් දුරකථන ජාලයක්‌ හරහා යවන SMS පණිවුඩයක්‌ යෑවුවොත් යෑවුවාමය. එහි වැරදි යමක්‌ සටහන් වුවත් යෑවූ පසු එය ලබන්නාගේ දුරකථනයෙන් මකා දැමීම යෑවූ කෙනාට කළ නොහැකිය. මේ නිසා ඇතිවූ ගැටලු නිතර SMS යවන්නන් හොඳින් දන්නවා ඇත. එහෙත් අන්තර්ජාලය පදනම් කරගත් පණිවුඩ සේවාවන්වල මෙලෙස පණිවුඩ යෑවීමේදී පණිවුඩය ලබන්නාගේ දුරකථනයේ ස්‌ථිරවම ගබඩා නොවන නිසා යෑවූ තැනැත්තාට එය මකා දැමීමේ හැකියාව තිබේ. ‘Delete for Everyone’ නම් මෙම විකල්පය මෑතකදී WhatsApp වලද හඳුන්වා දී තිබේ.

WhatsApp නවතම අප්ඩේට්‌ එක සමග මෙම පහසුකම ලැබෙන අතර එමගින් වැරදීමකින් යෑවුන texts” videos” pictures” contact cards”GIFs” files” quoted messages”locations” voice වැනි සියලුම පණිවුඩ මකා දැමිය හැක. මෙම අංගය (Feature) විකල්ප (Options) දෙකකින් සමන්විතය. එක්‌කෝ යවන ලද පණිවුඩය තමාට පමණක්‌ වන සේ මකා දැමිය හැක. එක්‌කෝ ලබන්නාගේ හා යවන්නාගේ WhatsApp ගිණුම් වලින් (WhatsApp Account) මකා දැමිය හැක.

එලෙසින්ම මෙහි ඇති විශේෂත්වය වන්නේ තමන් යවන ලද පණිවුඩය මකනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා විනාඩි හතක කාලයක්‌ පමණක්‌ ලබා දීමයි. ඔබ කෙනෙක්‌ට ඡායාරූපයක්‌ හෝ වීඩියෝවක්‌ යෑවීමට උත්සාහ කරද්දී වැරදීමකින් නුසුදුසු දෙයක්‌ යෑවුණහොත්? තත්ත්වය බරපතළ වනවා ඇති නොවේද? WhatsApp භාවිතා කරන ඔබට දැන් එවන් අවස්‌ථාවක අවමානයෙන් ගැලවීමට විනාඩි හතක්‌ දී තිබේ.