ලිපිය ලියූ මාධ්‍ය වේදියා සියල්ල හෙළි කරයි – නාමල් ගෙනුත් පැහැදිලි කිරීමක් – Video

2525

මේ වන විට වන විට ඔබ අපි කවුරුත් දන්නා පරිදි නාමල් උඩුගමගේ සැත්කමක්  සම්බන්ධයෙන්  ඇතිවී තිබෙන යම් මත  ගැටලු සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ මේ වන විට වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නාමල් උඩුගම ගායන ශිල්පියා තම අදහස් ඉදිරිපත් ඉදිරිපත් කිරීමේ  වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා. ඊට අමතරව මෙම ලිපිය පුව පතක ලියූ රාවය මාධ්‍යවේදියාගේ පැහැදිලි කිරීමකුත් මේ වනවිට දැඩි කතාබහට ලක්  වී තිබෙනවා.වීඩියෝ සහ එම සටහන පහතින් නරඹන්න

” රාවයට මම ලීව Namal Udugama අක්මාව දුන් මනුස්සයාගේ කතාව මේ වෙද්දී සමාජමාධ්‍යවල හුවමාරු වෙන්න පටන් අරන්. මේ වෙද්දී බොහොම දරුණු විදියට නාමල්ට අපහාස කරන්නත් සමහරු පටන් අරන්.

නාමල් උඩුගමට අක්මාවෙන් කොටසක් දීපු කෙනා ගැන මේ සතියේ ලිපිය ලියන්න කලින් රුවන්ති මංගලා මහත්මියට සහ නාමල් උඩුගම මහතාට කතාකළේ ඔවුන්ගේ පැත්තෙන් විස්තරය අහගන්න. ලිපිය ලියන්න කලින් අපි විවිධ පැතිවලින් කතාව තහවුරු කරගෙන තිබුණෙ. හැබැයි වැඩි වශයෙන් තිබුණෙ අක්මාව දුන්න කෙනාගේ කතාව. රුවන්තිලා කීවේ උත්තර දෙන්න බැඳිලා නැහැ කියලයි.
කෙසේ වෙතත් රුවන්ති මංගලා අද (23) කතාකරලා මේ ලිපිය ලීවේ ඇයිදැයි ඇහුවා. එක් පුද්ගලයෙක් ලියන දේ විශ්වාස කරලා ලියන එක අසාධාරණ බව කීවා.

අපි ක්‍රිෂාන්ත සම්පත් ගැන ලියන්න හේතු රැසක් තිබුණා. ප්‍රධානම හේතුවක් තමයි දැන් ඔහුගේ සෞඛ්‍ය තත්වය අසාධ්‍ය වීම. ඔහු කාලයකින් තමන්ව වෛද්‍ය පරීක්ෂාවට ලක්කරලා තිබුණෙ නැහැ. වෛද්‍යවරු කියන්නේ අක්මාවක් දුන්නාම දුන්න කෙනත් රෝගියෙක් කියලයි. ඔහු වසර දෙකක් යනතෙක් මාස තුනකට සැරයක් අක්මාව පරීක්ෂා කරගත යුතුයි. එහෙත් ක්‍රිෂාන්ත එහෙම පරීක්ෂාවක් කරගෙන නැහැ. ඔහුට රැකියාවක්වත් නැහැ. ඔහුගෙ බිරිඳ දැන් විදේශ රැකියාවක.

ඔහු සුවෙන් හිටි මනුස්සයෙක්. අසනීප වෙන්නෙ නාමල්ට කරපු පරිත්‍යාගය නිසා. ඔහුට ඒ වෙනුවෙන් ලක්ෂ දහයක මුදලක් ලැබී තියෙනවා. එහෙත් ඔහු නොසිතූ ලෙස අසාධ්‍ය තත්වයට වැටිලා. ඉතින් ඔහුට කියන්න තියෙන දේ ලිවීම අපේ වගකීමක්. විශේෂයෙන් නාමල්ගේ සැත්කම වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු බොහෝදෙනෙක් මුදල් වැයකරපු නිසා ඔවුන්ට සැත්කම පරිත්‍යාග කළ කෙනා කියන දේ දැනගන්නට අයිතියක් තියෙනවා. ඒ නිසයි ඔහු කී දේ අපි ලීවේ. නමුත් ඒ ඔහු කී දේ විතරයි. රුවන්තිලාටත් මේ ගැන තමන්ගේ කතාව කියන්න සාධාරණ ඉඩක් තියෙනවා. කෙසේ හෝ අවසානයේ සිදුවිය යුත්තෙ ක්‍රිෂාන්තට සාධාරණයක් ඉටුවීමයි.

ක්‍රිෂාන්තට ඇහුම්කන් දෙන්න සාමාන්‍ය මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඒ අයිතිය වෙනුවෙනුයි අපි පෙනී හිටියේ.

එහෙත් ක්‍රිෂාන්ත වුණත් අක්මාවේ 10%ක් පමණක් ගන්නවායැයි කටවචනයක් විශ්වාස කරමින් ඉන්දියාවට යෑම බුද්ධිමත් වැඩක් නෙවෙයි. ඔහුට මේ ගැන සොයාබලන්න තිබුණා. ඔහු බලාපොරොත්තු වෙන්න ඇත්තේ ශරීරයෙන් සුළු කොටසක් දීලා ලොකු ගෞරවයක් ලබන්න, සහ තමන්ගෙ පෞද්ගලික අරමුණු ටිකක් ඉටු කරගන්න වෙන්න පුළුවන්. අපි ඒ ගැන දන්නේ නැහැ.
මේ වෙද්දී හැමෝම නාමල්ට කුණුහරුපයෙන් බණින්න පටන් අරන්. ඒකට කොහෙත්ම එකඟ වෙන්න බැහැ. ඔහු අපේ ආදරය ලබපු යමක් කළ කෙනෙක්. හෙට මා අතින් වුණත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. පෞද්ගලික අරමුණු ඉටු කරගන්නට ලොකු තරඟයක ඉන්න අපට එදිනෙදා බොහෝ යුතුකම්, මනුෂ්‍ය බැඳීම් මඟහැරෙනවා.
කලෙක නාමල් ළඟින්ම සිටි අය වෙන්න ඇති අද ඔහුට බණින්නෙ. මේ රටේ ගෞරවය මොන තරම් තාවකාලිකද කියලා තේරුම් ගන්න නාමල්ට මේක හොඳ අවස්ථාවක්. ජීවිතේ ගැන තේරුම්ගන්න අවස්ථාවක්.

නාමල් එක්ක කිසිම කේන්තියක්, වෛරයක් මට නැහැ. නාමල් උඩුගම වෙනුවෙන් එකල මැදපෙරදිග හිටපු මමත් මුදල් දැම්මා. ඔහුගේ ගීතවලට අදත් මම කැමතියි. හෙටත් කැමතියි. නාමල්ට තව කාලයක් කලාවෙහි යෙදෙන්න ලැබෙන්න ඕනේ. අනෙක නාමල් දැන් කලබල විය යුතු නැහැ. අද බැණවදින අයට හෙට මේ සියල්ල අමතක වේවි. ඔහුට අළුතෙන් අවස්ථාවක් ලැබිලා. ”

Posted by Namal Udugama on Saturday, December 23, 2017




Leave a Reply

Your email address will not be published. Required fields are marked *