ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීම වෙනුවෙන් චන්දික හතුරුසිංහ හට මාසිකව රු. මිලියන 06ක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ගිවිසුමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කරන අන්දමට මෙම ගිවිසුම් යෝජනාව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති – තිලංග සුමතිපාල විසින් අනුමත කර තිබේ.
ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරු – ග්රැහැම් ෆෝඩ් හට රු.මිලියන 1-2ක් අතර ගෙවීමක් මාසිකව සිදුකර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරු ලෙස එක්වන ලෙස යෝජනා කළ කාලයේදී හතුරුසිංහ බංගලාදේශ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි අතර,ඒ වන විට ඔහු හා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අතර නෝක්කාඩු පැවති බවද සන්ඩේ ලීඩර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවා ලෙස පත්කරන ලද චන්දික හතුරුසිංහ අද දින එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත අතර ඉන්පසු අද පස්වරු 4.00ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වීමටද නියමිතය.
ඒ අනුව නව ජාතික ක්‍රිකට් පුහුණුකරුවා ලෙස වැඩ භාරගන්නා චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ සහභාගි වන ප්‍රථම පුහුණු සැසිය 27 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.