බෙහෙත් මිළ අඩුකරා කියලා රාජිත බොරු කරලා. මෙන්න සම්පූර්ණ විස්තරේ

202

බෙහෙත් මිළ අඩුකලා යැයි ප්‍රචාරය කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහජනතාව විශාල ලෙස විශාල රැවටීමකට ලක්කර ඇති බව වාර්ථා වේ. රජය විසින් බෙහෙත් වර්ග 48ක මිල අඩුකලේ යැයි පසුගිය කාලයෙ පැවසුවද එම මිළ මේ වනවිට නැවත වැඩිකර තිබේ. මේ සම්බන්ධව අද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයද හෙළිදරව් කළ අතර එම සංවිධානය පෙන්වා දුන්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිගින් දිගටම ජනතාව මුලාකර ඇති බවයි.

එම සංවිධානය වැඩිදුරටත් මෙසේ පැවසුවේය. රජය විසින් මිල අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරලා.2016 ඔක්තෝබර් 21 අංක 1989/61 අතිවිශේෂ ගැසට්පත මගින් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48 මිල අඩුකරා කියලා සෞඛ්‍ය ඇමතිවරයා ලොකු ප්‍රචාරයක් දුන්නා. ඒ ප්‍රචාරණයට ලොකු වියදමකුත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරා.

ඒත් 2017 දෙසැම්බර් මස 14 දින අංක 2049/31 අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් නැවත එම බෙහෙත් වර්ග 48 මිල ඉහළ දමා තිබෙනවා.මේ නිසා මේ රටේ රෝගීන්ට මේවන විට බෙහෙත් මිලදී ගැනීමට සිදුවෙලා තියෙන්නෙ පරණ මිළ ගණන් වලටයමයි. බෙහෙත් වර්ග 48 ක මිල අඩු කිරීම නිසා ප‍්‍රමිතියකින් යුක්තව බෙහෙත් නිෂ්පාදනය කරපු සමහර සමාගම් දේශීය වෙළදපොලෙන් ඉවත් වුනා. ඒ අනුව සිදුවූනේ බාල වර්ගයේ බෙහෙත් නිපදවපු අඩු මිලක් නියමවි තිබූ බෙහෙත් වල මිල වැඩිවීමයි.

එම සමාගම් ඇමතිවරයාට හිතවත් සමාගම් බවටද විවිධ කතා තියෙනවා.අවසානයේ සිදු වූනේ අඩු මිලක් නියම වි තිබූ බෙහෙත් වර්ගවලට පිය පුතු අනුග‍්‍රයෙන් වැඩි මිලක් නියමවීමයි. අපට යහපාලන රජයෙන් අහන්නෙ මෙරට ජනතාව ගොනාට ඇන්දවීම නවතා දමන්නේ කවදාද කියලා.ඒ වගේම මේ ප‍්‍රචාරණ කටයුතු සදහා විශාල ලෙස චියදම් කරපු මුදල් ගෙවන්නේ කවුද කියලයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *