කුලියාපිටියේ සුරාබදු නිලධාරීන් 75 හැවිරිදි මවකට පහර දෙයි – දියණිය නිරුවතින් කර ඇයටත් පහර දෙයි (Video)

2003

කුලියාපිටිය සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කාන්තාවන් දෙදෙනෙකුට පහර දී කාන්තාවන් නිරුවත් කර අත්අඩංගුවට ගත් සිද්ධියක් බිංගිරියෙන් වාර්තා වුණා.

බිංගිරිය මොරගොල්ල නාගොල්ලාගොඩ පිහිටි මේ නිවසට කුලියාපිටිය සුරාබදු නිලධාරීන් අද පැමිණ ඇත්තේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ලබන බවට ලද තොරතුරක් අනුව යි.නමුත් නිවසේ නීති විරෝධී මත්පැන් නොමැති බවත් නිලධාරින් තමන්ට සහ 36 හැවරිදි තම දියණිය සහ තමන්ට පහර දුන් බව හැත්තෑ පස් හැවිරිදි මේ මව පවසනවා.

මෙසේ පහර කෑමට ලක් වූ අයගේ සහෝදරියක් මාධ්‍ය වලට ප්‍රකශ කර සිටියේ තම පවුලේ සාමාජිකයන් කලින් නීති විරෝධී මත්පැන් විකිණීමේ නිරතව සිටි බවත් දැන් එම ක්‍රියා වලින් වැලකි සිටින අතර අද පැමිණි නිලධාරීන් නඩුවක් අවශ්‍ය බවයි , පසුව එය ප්‍රතික්ෂේප කල නිසාවෙන් මෙසේ පහර දී අතවරයට ලක් කල බවයි. වීඩියෝව පහතින් නරඹන්න