Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

වැළලුණු ප්‍රභාකරන්ගේ ජීවිත කතාව නැවත ගොඩගනියි

795

කිලිනොච්චිය රාමනාදපුරම් හි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් කිලිනොච්චිය රාමනාදපුරම් පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරෙහි ඉඩම් ජනතාවට ලබාදීමෙන් අනතුරුව නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමේ හිමිකරු අත්තිවාරම කපමින් සිටියදි ආරක්ෂිත බහාලූමක දමා වළදමා තිබූ සීඩි පට හමුවීමෙන් අනතුරුව පොලිසිය වෙත කළ දැනුම්දීමකට අනුව සීඩි පට සොයාගෙන තිබේ.

Loading...

ආරක්ෂිත බහාලූමෙහි තිබී වීසීඩී පට 91 ක්, සීඩි පට ආරක්ෂිත ආවරණ 61ක් සොයාගත් බවත් පැරණි ජංගම දුරකථන කාඩ්පත් තොගයක්ද සොයාගත් බවත් පොලිසිය පැවසීය.

ඇතැම් සී.ඩි පට වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පට බවට හඳුනාගෙන ඇතැයිද පොලිසිය කීය.