ගොසිප්

අවුරුද්දකට පස්සේ ලංකාවට ලැබුණු අලුත්ම ගීනස් වාර්තාව මෙන්න – Photo

ලොව විශාලතම නත්තල් ගස ඉදිකරමින් ගිනස් වාර්තාවක් තැබූ ශ්‍රී ලංකාවට සමගි වාර්තාවක් ද ඇති කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉකුත් වසරේ නත්තල නිමිත්තෙන් අඩි 236 ක් උසැති මෙම නත්තල් ගස කොළඹ ගාලු මුවදොර පිටියේදී ඉදි කෙරිණි.

Loading...

එය ඉදිකළේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයාව සිටියදියි. එම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මහජන ආධාර ද ඇතිව වරාය සේවකයින්ගේ ශ්‍රම දායකත්වයෙනුයි විශාලතම නත්තල් ගස ඉදිකළේ. ලොව විශාලතම නත්තල් ගස ලෙස හිමි වූ ගිනස් සහතිකය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමුවා.

මෙම නිර්මාණය සඳහා දායකත්වය දුන් ශිල්පීන්ට සහතික පත් පිරිනැමීම සිදුකෙරුණේ ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.මෙම උත්සවයේ ජයාරූප පහතින් නරඹන්න

Loading...

 

Related Posts