නිලාම්ගේ පියා ගැන රෝහිත්ගේ හිත උණු වෙයි – කෝලිත් ඉතාලියේ ඉදන් පණිවිඩ එවලා

1451

මේ දිනවල පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය පිලට නායකත්වය දෙන රෝහිත් ෂර්මා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලියකුගේ පියාගේ සැත්කමක් වෙනුවෙන් මුදල් ආධාර ලබාදී ඇති බවට වාර්තා වෙනවා.

එනම් මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිගන්වන්නෙක් ලෙස ඉන්දියාවට ගොස් සිටින ගයාන් සේනානායක, පුබුදු සහ මෙහොමඩ් නිලාම් යන තිදෙනාගෙන් නිලාම්ගේ පියාට උගුරේ පිළිකාවක් හේතුවෙන් හදිසි සැත්කමක් කිරීමට තරම් රෝගාතුර වී තිබෙනවා. නමුත් නවදිල්ලියේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගය අතරතුර නිලාම්ගේ පියා හදිසි සැත්කමකට භාජන වීමට නියමිතව තිබුණත් නිලාම්ට ලංකාවට ඒමට නියමිතව තිබුණේ මේ මස 26දාට තිබෙන අවසන් විස්සයි-20 තරගයට පසුවයි. එහෙත් මෙම සිද්ධිය දැනගත් සුධීර් ගොතම් නම් ඉන්දීය ක්‍රීඩා ලෝලියකු මේ බව රෝහිත් ෂර්මාට දන්වා තිබෙනවා.

ඒ බව දැනගත් රෝහිත් ෂර්මා නිලාම්ට දුරකතනයෙන් කතා කොට ගුවන් ටිකට්පතක් ලබා දීම නිසා නිලාම්ට දෙසැම්බර් 5දා ලංකාවට පැමිණීමට හැකි වී තිබෙනවා.
“මගේ පියාගේ රෝගී තත්ත්වය ගැන දැනගත්තාම මම මහත් පීඩාවට පත්වුණා. එහෙත් ෂර්මා මට කලින් එන්න ටිකට් එක ලබා දුන්න නිසා මගේ පියාගේ සැත්කම සාර්ථකව කෙරුණා. ටිකට් එක පමණක් නෙවෙයි ෂර්මා මට මුදල් දෙන්නත් සූදානම් වුණා. මම ගත්තේ නැහැ. ඔහු රත්තරන් මනුස්සයෙක්. ෂර්මා පමණක් නෙවෙයි විරාත් කෝලි ඉතාලියේ සිට මට කෙටි පණිවිඩයක් එවලා අවශ්‍ය උදව්වක් ඕනෙ නම් කියන්න කියලා තිබුණා” යනුවෙන් නිලාම් ඔවුන්ට ස්තුති කරමින් පවසා ඇත.