සනිධප ශාන් ගේ බිරිඳ තැබූ මතක සැමරුම් සංවේදී සටහන – Photo

4219

සනිධප සංගීත කණ්ඩායම ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැ .නම කිව්ව සැනින් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ලංකාවේ අංක එකේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්.ඉතින් මේ සංගීත කණ්ඩායම කලක් සංගීත් විජේසුරිය නායකත්වය ගෙන කටයුතු කල අතර ඔහුගේ ඉවත් වීමෙන් දැන් සංගීත කණ්ඩායමේ වගකිව යුත්තා විදියට කටයුතු කරන්නේ “ශාන් ඩයස්” ඉතින් ශාන් විවාහ වී සිටින්නේ කලක් ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙක් ලෙස කටයුතු කල ඩඩ්ලි පිරිස් මහතාගේ දියණියක් සමගයි.ඇය වෘර්තියෙන් නීති වේදිනියක් වන අතර ඇය නීතිඥවරියක ලෙස දිවුරුම් දී අදට වසර හයකි.ඇය තම ෆේස්බුක් පිටුවේ තබා තිබෙන සටහනක් අප ඔබට ගෙන එන්නේ අපි හැමෝටම යම් ඉලක්කයක් වේ නම් එය ජයග්‍රහණය කිරීම පහසු කටයුත්තක් බවයි.ඇගේ සටහන පහතින් නරඹන්න

මගේ පුංචි දියණියත් කුසේ දරාගෙන මා නීතිඥවරියක ලෙස දිවුරුම් දී අදට වසර හයයි.
මේ සියල්ල පිටුපස සිටින මගේ එකම ශක්තිය මගෙ ආදර අම්මා, තාත්තා, ආදර සැමියා shan.
නීති විද්‍යාලයේ අවසාන විභාගය පාඩම් කරද්දි මගේ පුංචි පුතාට හොඳටම උණ. පුංචි පැටියවත් කකුලේ තියාගෙන පාඩම් කරපු හැටි මට අද හීනයක් වගේ. මානසික පීඩනයන් එන විට මාව හැමවෙලේම ශක්තිමත් කළේ මගේ අම්මත් මගේ සැමියාත්.
මවකගේ භූමිකාවත්, බිරිඳගේ භූමිකාවත් නොපිරිහෙලා ඉටු කරමින් මගේ වෘත්තීය ජීවිතයට අවතීර්ණ වෙන්න මට හැකි වුණේ දැඩි ආත්ම විශ්වාසය මා තුළ පැවති නිසා.
මේ නිසාම නීති විද්‍යාලය තුල පිට පිටම වර්ෂ තුනක් හොඳම නිවේදිකාව වීමටත් , බොහෝ නීති විද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සිහිනයක් වූ ජූරිය ඇමතීමේ තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමටත්, නීති විද්‍යාලය අවසාන විභාගයෙන් පන්ති සාමාර්ථයක් ලබා ගැනීමටත් හැකිවීම මා ලද භාග්‍යයක්.
මේ සියල්ල තුළ මට හැගෙන්නේ නොහැක්කක් නොමැත යන්නයි.