Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

සුපිරි වීරයෙකු වීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවු චීනයේ සුපර් මෑන් (Video)

2160

සුපිරි වීරයෙකු බවට පත්වීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ තරුණයෙකු පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල කතාබහට ලක්වනවා. 26 හැවිරිදි වියේ පසුවූ චීනයේ සුපර් මෑන් යනුවෙන් ප්‍රසිද්ධව සිටි මෙම තරුණයා මහල් 62කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිට ව්‍යායාම කර තිබෙනවා.

එතරම් ඉහළ ස්ථානයක සිට තම දෑත්වලින් එල්ලී ව්‍යායාම කරමින් වීරයෙකු බවට පත්වීමටයි ඔහු උත්සාහ දරා තිබු‍ණේ. එම ක්‍රියාකාරකම්වලදී සමබරතාව ගිලිහී ගොස් මෙම තරුණයා ගොඩනැගිල්ලේ බිමට ඇදවැටී තිබෙනවා. මීට පෙර අවස්ථාවලදී ඔහු මෙවැනි ත්‍රසජනක වීඩියෝ රැසක් සමාජ ජාල වෙත යොමුකර එමගින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කළ අයෙකු බව සඳහන්.

Loading...

“චීනයේ පළමුවන  උස් ගොඩනැගිලි උඩ ගමන් කරන පුද්ගලයා ” යනුවෙන් මහත් ප්‍රසිද්ධියක් මොහු හිමි කරගත්තා  “Woo Yongning” නම් ඔහු  සමාජ මාධ්‍ය ඔස්සේ  මත පල කිරීම සඳහා ද  ප්‍රසිද්ධියක් උසුලයි.මොහු තට්ටු 62 උස ගොඩනැගිල්ලක සිට බිමට වැටී මෙසේ ජිවිතක්ෂයට පත් විය

වීඩියෝව පහතින් නරඹන්න