අන්තර්ජාලයෙන් කොරියාවේ ජය දැක , පෙර කිසි දාක හමු නොවුණු ලුෂන්ට උදව් කරපු තරුණ ව්‍යාපාරිකයා

3189

ලූෂන් පුෂ්පරාජ්ගේ අනුග‍්‍රාහකයා කවුද? පසුගිය දින කීපය පුරාම විශාල පිරිසක් අපෙන් මෙම ප‍්‍රශ්නය ඇහුවා. ඉතින් අද අපි මේ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට සූදානම්,

ඔහු නමින් සුසන්ත ශාන් හැලඹ වේ. සුසන්ත මහතා ඇමරිකාවේ ටෙකසාස් ප‍්‍රාන්තයේ ජීවත් ව න තරුණ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සුසන්ත මහතා නවසීලන්තයේ Massey විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

ශ්‍රී ලංකාවේ ඉවතලන පොල්ලෙල්ල්ට වටිනාකමක් ලබා දී ඔහු විසින් බිහිකල රියෝකොකෝ සන්නාමය සහිත ගුණාත්මක බවින් අංක 01 වැවුම් මාධ්‍ය, රටවල් 47ක් පුරා විහිදුනු දැවැන්ත හරිතාගාර සඳහා වැවුම් මාධ්‍යක් ලෙස අපනයනය කරනු ලබයි. රියෝකොකෝ සන්නාමය යාවත්කාලීන කෘෂිකර්මාන්ත සහ හරිතාගාර ක්ෂේත‍්‍රයේ ඉහළම පිළි ගැනීමක් හිමි එක ම ශ්‍රී ලාංකික සන්නාමයයි. සුසන්ත මහතා කුරුණෑගල, කටුපොත පිහිටි රියෝකොකෝ ලංකා පුද්ගලික සමාගමේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පිහිටි සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගමේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂක වන අතර ඔහු යටතේ දේශීයව හා විදේශීයව විශාල පිරිසක් සේවය කරයි.

ලොව ඉහළම ව්‍යාපාරික සම්මානයක් වන ඇමරිකාවේ ස්ටීවි ජාත්‍යන්තර රන් සම්මානය 2015 වසරේ දී ඔහුට හිමිවූ අතර එය ශ්‍රී ලාංකික ව්‍යාපාරික යෙකු ඇමරිකාවේ දී හිමිකරගත් ඉහළම ්‍ව්‍යයාපාරික සම්මානයද වේ. තවද 2013 වසරේ දී ටෙක්සාස් හි ආණ්ඩුකාරවරයාගේ විශිෂ්ඨ ව්‍යාපාරික සම්මානයෙන් සහ තවත් ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබන ලදී. 

සුසන්ත මහතා 2016 වසරේ සිට මේ වනතෙක් ටෙක්සාස් ප‍්‍රාන්තයේ ගරු කොන්සල්වරයා වශයෙන් කටයුතු කරමින් ඇමරිකාව තුළ ශ්‍රී ලාංකික නාමය ප‍්‍රචලිත කරමින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අනුපමේය සේවයක් ඉටු කරනු ලබයි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සුසන්ත මහතා නවසීලන්තයේ Massey විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඔහු මින් පෙර කිසිදාක ලූෂන් පුෂ්පරාජ් මුණගැසී නොතිබූ අතර අන්තර්ජාලය ඔස්සේ කොරියාවේදී ඔහු ලද ජයග‍්‍රණය දැක ශ්‍රී ලංකාවට පැමිණ ලූෂන් මුණ ගැසුනි. ඉන්පසුව ආසියාතික ශූරයෙක් ජාත්‍යන්තර ශූරයෙකු කිරීමේ පරම අභිලාෂය ඇතිව “කාය වර්ධනයේ තිඹිරිගෙය” ලෙස විරුධාවලිය ලත් ඇමරිකා එක්සත් ජනපදයට රැගෙන යාමට පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබා දෙන්නේ ලූෂන් පුෂ්පරාජ් කාය වර්ධන ශූරයාගේ ජයග‍්‍රහණ දිවියේ අඩිතාලම දැමීමට අත්වැලක් ලබා දෙමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *