Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

වතුර බොන ළිඳකට මේ ගසක මුලක් දැම්මොත් මුළු ගමක්ම මරන්න පුළුවන් – Photo

1239

ගස්වැල් කියන්නේ අපේ ජීවිතෙත් එක්කම සම්බන්ධ වුනු දෙයක්. මොකද අපිව ජීවත් කරවන හුස්ම පොද අපිට ලබා දෙන්නේ මේ ගස් වැල් නිසා. ඒ වගේ මෙහෙයක් කරන ගස් නිසා මිනිස්සු මැරෙනවා කියලා කීවොත්. විශ්වාස කරන්නත් අමාරුයි නේද.. ඒත් ඇත්තටම එහෙම වෙනවා.

Poison Garden at Blarney Castle කියලා උතුරු එංගලන්තයේ තියෙනවා එහෙම මීනි මරන ගස් වැල් තියෙන පැත්‍තක්.. මිනිසුන්ට හිතකර වගේම අහිතකර ගසුත් මේ ලෝකයේ තියෙනවා කියලා කියන්න තමයි මේ විදියට උද්‍යානයක් නිර්මාණය කරලා තියෙන්නේ‍…

Loading...

අපි ඉදුණු පළතුරක්, ගහක ලස්සනට හැඳුණු කොළයක්, මලක් කඩන්න කොච්චර නම් ආසයිද ? කවුරු හරි අපෙන් ඇහුවොත් සත්තුන්ව මරන්න පුලුවන් ගස් මොනවද කියලා අපි දන්නේ බාඳුරා කියන ශාකය ගැන විතරයි.

ඒත් අපි කියන මේ උද්‍යානයේ මිනිසුන්ට මරණය අරන් එන්න පුලුවන් ගස් 100කට වඩා රෝපණය කරලා තියෙනවා. බයවෙන්න දෙයක් නෑ. මේ ගස් ලගට මිනිස්සුන්ට යන්නවත් දෙන්නේ නෑ. ඈතින් ඉදන් බලන්න පුලුවන්. හැබැයි මේ ගස් වලට හැදෙන ගෙඩි කඩන්නවත්, මල් වල සුවඳ බලන්නවත් කාටවත්ම අයිතියක් නෑ. ඕනි නම් බලන්න පුලුවන්, හැබැයි මැරෙන්න බලාගෙන…

මේ නිසාම ගස් ළඟ අනතුරු ඇඟවීමේ පුවරු පවා ප්‍රදර්ශනය කරලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ. මේ උද්‍යානයේ තියෙන Monkshood කියන ගසේ මුලක් වතුර බොන ළිඳකට දැම්මොත් මුළු ගමක්ම මිනී ගම්මානයක් කරන්න පුළුවන් කියලා කියැවෙනවා.

හිතාගන්න පුලුවන්නේ දැන් එතකොම මේ ගස් වල බලය කොච්චරද කියලා.ජායාරූප පහතින් නරඹන්න