මේ සතිය ඔබට සුබ වෙන්නේ මෙහෙමයි (දෙසැ 11 – දෙසැ 17)

668

මේෂ – ලාභ අඩුවේ 

නිශ්චල සහ චංචල දේපළ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුවේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක්කල්පනාකාරී නොවුවහොත් වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අඩුවිය හැක. වෘත්තිය සහ රැකියා ක්ෂේත්‍රයේදී යම් යම් බාධා ප්‍රමාදතා ඇතිකළ හැක. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත්වන්න. වෙළෙඳ ව්‍යාපාරවලින් අලාභහානි වීමේ ඉඩක් පවතී. ගෙදර දොර කටයුතුවලදී යුක්තිය අයුක්තිය විසඳීමට නොහැකිවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත්වන්න. මව්පිය වැඩිහිටියන් සමග කටයුතුවලදී ප්‍රවේසම් වන්න. පවු‍ලේ වැඩිහිටි අයකුට අපල සහිතයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුයි. වැඩට තිබුණ දක්ෂකම නැතිවේ.
ජය වර්ණය : රතු ජය අංකය:09

වෘෂභ – ගමන් අධිකයි 

වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු කරගෙනයාමේදී රාජකාරී කටයුතු උදෙසා ගමන් බිමන් අධිකයි. සමහරවිට වෙහෙස ඇති සතුටක් නැති ගමන්යාමට සිදුවේ. ස්ථානගත වෙනස්කම් යනාදියට ඉඩ පවතී. ආදායම් පිළිබඳව අවාසි සහගත තත්ත්වයක් උදාකරයි. දේපළවලින් ලැබෙන ආදායම්වල අඩුවීමක් පෙන්වයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. ගෙදර දොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී විමසිලිමත් විය යුතුයි.දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවන්න. හවුල් කටයුතු කරගෙන යාමේදී වඩාත් ප්‍රවේශම් වන්න. පවු‍ලේ සමීපතම වැඩිහිටි ඥාතීන්ට අපල පීඩා සහිතයි. ආගමික සහ සාමාජීය කටයුතුවලට හිත යොමුවන අතරම ඒ තුළින් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. සහනයක් ඇතිවේ.
ජය වර්ණය: නිල් ජය අංකය: 06

මිථුන – මව් පිය උපකාරය ලැබේ 

කෘෂිකාර්මික අංශවල යෙදී සිටින අයට වාසි ගෙනදේ. ලාභ ප්‍රයෝජන අත්වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදුණ අයට යහපත්ය. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ ආධාරය සහ උපකාරය ලැබිම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. කෙසේ වුවත් මිල මුදල් ලැබුණ ද විටෙක වියදම් ශීර්ෂය ඉහළ යාමේ ඉඩක්ද පවතී.මිල මුදල් ඉතිරි කර ගැනීම තරමක් අසීරුය. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී සැලකිලිමත් වන්න.ඔබගේ කටයුතු උදෙසා මව්පිය උපකාරය. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නියුක්ත අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව සලසා ගනී.
ජය වර්ණය කොළ , ජය අංකය:05

කටක – මිශ්‍රපලයි 

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුකරගෙන යාමේදී කාර්ය බහුලත්වය නිසා අතපසුවීම්වලට ඉඩ පවතින බැවින් ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතාවලට ඉඩ මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය ක්ෂෙත්‍රයන්හිදී යම්යම් අවහිරතා ඉස්මතුවේ. ආදායම් මාර්ග හැකි‍ලේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුයි. ගෙදර දොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට තද ලෙස බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත්වන්න. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ගුණදායකයි. ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලලබා ගනී. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුයි. පපුව පෙනහැල්ල ආශ්‍රිත රෝගාදියට ඉඩ පවතී.
ජය අංකය:02, ජය වර්ණය: ක්‍රීම් පාට

සිංහ – දියුණුව සහ ලාභ ප්‍රයෝජන 

මිල මුදල් ලැබිම අතින් ගුණදායකයි. සාමාන්‍යයෙන් ගුණදායකයි. තම කටයුතු කරගෙනයාමේදී දියුණුවත් ලාභ ප්‍රයෝජනයත් ඇතිවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ගුණදායකවේ. වාසිදායක තත්ත්වයක් උදාවේ. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ ආදායම් තත්ත්වයද වෘත්තිය තත්ත්වයද දියුණුවේ. ගෙදර දොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. නිතර සිනාමුසු මුහුණින් යුක්තව ගෙවී යයි.කෙසේ වුවත් පස්කම් සැප සඳහා වියදම් කරන්නට සිදුවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ගුණදායක වේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ජය අංකය: 01, ජය වර්ණය:රතුපාට

කන්‍යා – බලා‍පොරොත්තු ඉටුවේ 

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් බලා‍පොරොත්තු ඉටුවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ගුණදායකයි. ලාභ ප්‍රයෝජන අත්වේ. විවිධ අංශවලට යොමුවීම තුළ ආර්ථික ලාභ ගෙනදේ. ආදායම් මාර්ගයන් පුළුල් වේ. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු යහපත්වේ. දියුණුවක් අභිවෘද්ධියත් ක්‍රමයෙන් යහපත්වේ. විවිධ අංශවලට යොමුවීම තුළ ආර්ථික ලාභ ගෙනදේ. ආදායම් මාර්ගයන් පුළුල්වේ. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු යහපත්වේ. දියුණුවත් අභිවෘද්ධියත් ක්‍රමයෙන් යහපත්ය. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන්ද පහසුවෙන්ද ඉටුකරගනී. ගෙදරදොරකටයුතු යුග දිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. ආගමික සහ සාමාජීය කටයුතුවල හිත යොමුවේ. ඒ තුළ සහනයක් ද සැනසීමක්ද ලබයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වන්න. පසුව පෙණහැල්ල ආශ්‍රිත පීඩා, රුධිර පීඩනය යනාදියෙන්ද ප්‍රවේශම් විය යුතුයි.
ජය අංකය : 05, ජය වර්ණය : කොළපාට

තුලා – මිශ්‍රපලයි 

තම කටයුතු කරගෙනයාමේදී යම් යම් පැටලිලි ස්වභාවයක් පෙන්වයි. යම් යම් කරුණුවලදී අපවාද චෝදනාවලට ලක්විය හැකි නිසා බුද්ධිමත්ව ද ක්‍රියාකරන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විවිධ බාධා අවහිරතා මතුවේ කෙසේ වුවත් අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමිතියකට සාර්ථක කරගනී. මිල මුදල් ලැබිම අතින් ගුණදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථක වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට අලුත් විෂයන් හැදෑරීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සාමාජීය කටයුතුවල නියුක්තවේ. ඒ තුළ සහනයක් ලබයි.
ජය වර්ණය: නිල්, ජය අංකය: 6

වෘශ්චික – බාධා ඇත  

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගනෙ යාමේදී විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා බුද්ධිමත්වද විමසිලිමත්වද කියා කළ යුතුය. නොඑසේ නම් ආකූලතා හා ව්‍යාකූලතා ඇතිකළ හැක. ආර්ථික වශයෙන් ගුණදායකවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් වාසි පුළුල් කරගත හැක. ගෙදරදොර කටයුතුවලදී තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල විය හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආගමික සහ සමාජීය අංශයට යොමුවීම තුළ සහනයක්ද සැනසීමක් ද ලබයි.
ජය වර්ණය: රතු, ජය අංකය: 9

ධනු – සමපලයි 

මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. විටෙක අනපේක්ෂිත සිද්ධීන් ඉස්මතුවීම තුළ මුදල් වියදම් අධික විය හැකිය. මිල මුදල් ඉතිරිකර ගැනීම අසීරුවේ. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී වන්න. උසස් අය සමග කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන්න. සතුරු කරදර බාධා විටින් විට ඉස්මතු වීම තුළ බාධා ඇතිවේ. ගෙදර දොර කටයුතු මේ බව යුගදිවිය සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න.අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුයි. සංකීර්ණ රෝගාදියට ඉඩ මතු කළ හැකි බැවිනි.
ජය වර්ණය: රන්වන්, ජය අංකය: 03

මකර – ලාභ සහිතයි 

සිතට කයට සැනසිලිදායකයි. ආර්ථික වශයෙන් ශුභයි. ධන ලාභ වේ. උසස් අයගෙන් උපකාර ද සැලකිල්ලද ලාභ ප්‍රයෝජන ද ලැබෙන සතියකි. විවිධ ක්ෂෙත්‍රයන්ට එළඹීම තුළ ආර්ථික වාසි ලබයි. තම තත්ත්්වය තිබුණාට වඩා උසස්වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට විශේෂ දියුණුවක් ලැබේ. තමා කරගෙන යන කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵල ලබයි. දෙරදොර කටයුතුවලදී තරමක්දුරට කල්පනාකාරී වන්න. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල වියහැක. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ස්වකීය උත්සහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආගමික සහ සමාජීය අංශවලට යොමුවීම තුළ සහනයක්ද සැනසීමක්ද ලබයි.
ජය වර්ණය: නිල්, ජය අංකය: 06

කුම්භ – බාධා මැද දියුණුව 

මිල මුද්ල සම්බන්ධ කටයුතුවලදී ඉතාම කල්පනාකාරී වන්න. මුදල් ආයෝජනයේදී වඩාත් කල්පනාකාරී විය යුත්තේය. අන්‍යයන්ගේ ආධාරයෙන් ජීවිකාව කරගෙන යාමට සිදුවිය හැක. වටිනා දේවල් මිලදී ගැනීම අසීරුවේ. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතුවලදී යම්යම් බාධා එල්ල විය හැක.එම නිසා කල්පනාකරී වන්න. ගෙදරදොර කටයුතු යහපත්ය.සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ.අධ්‍යාපන අංශවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික අංශයට සමාජීය අංශවලට නියුක්තවීම් තුළ සහනයක් ලැබිය හැක. කෙටි ගමන්බිමන් කිහිපයක්ම යෙදේ. ඒවායින් එතරම් වාසියක් සහනයක් ලැබිය නොහැක.
ජය වර්ණය: නිල් ,ජය අංකය : 08

මීන – සමපලයි 

වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතුවනු ඇත. කෙසේ වුවත් උසස් නිලධාරීන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගත හැක. ආර්ථික වශයෙන් මූල්‍යමය වශයෙන් අයහපත් නැත. තමාගේ වියදමට සරිලන අන්දමට හෝ ආදායමක් ලබයි.ගෙදර දොර කටයුතු යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත්, ශ්‍රමයත් වැයවේ.අධ්‍යාපන කටයුතුවල නියුතු අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආගමික සහ සාමාජීය අංශවලට නැඹුරුවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය රන්වන්, ජය අංකය : 03




Leave a Reply

Your email address will not be published. Required fields are marked *