දේශපාලන

කරදරයක් වුණාම මිනිස්සුන්ට හැමදාම වගේ උදව්වට එන පාලිත ඇමතිතුමා මෙදා සැරේ කරපු දේ

පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් මේවනවිට රට පුරා ප්‍රදේශ රැසක ජීවත් වන 77481ක් පීඩාවට පත්ව සිටිනවා.මෙසේ පවතින අයපහත් කාලගුණය හේතුවෙන් මේ දක්වා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13ක් බවට පත්ව ඇතැයි පොලීසිය පවසයි. මෙයින් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් වසමේ බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මේ අතර අතුරුදන් සංඛ්‍යාව 05ක් බවත් තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56ක් බවද එම නිවේදනයේ දැක්වෙයි.

එහිදී වැඩිම හානි සිදුවූයේ කළුතර දිස්ත්‍රික්කයටයි. කළුතර ජීවත්වූ 33977ක් එමගින් පීඩාවට පත්ව තිබුණා.මෙලෙස පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග අවහිර වූ අතර ඒවා ඉවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.

දිවා රෑ නොබලමින් එම කාර්යයේ නිරතවූවන් අතර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ ඔහුගේ පුත්‍රයා ද සිටියා.හැමදාම වගේ ජනතාවට විපතක් උනහම කිසිදා ජනතාව අමතක නොකරපු පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමාගේ ඡායාරූප පහතින් දැක්වෙනවා.