දෙසැම්බර් මාසය ඔබට – රටට සුබ වෙන්නේ මෙහෙමයි

1266

දෙසැම්බර් මස 01 වැනිදා හිරු උදාව උදේ 06. 07 ටය. එදින උදේ 06. 30 සිට තත්කාල කේන්ද්‍රයේ රවි ග්‍රහයා වෘශ්චික රාශියේ රවි ගමන් කරයි. එසේම සඳු මේෂ රාශියේ ය. කුජ සහ ගුරු තුලා රාශියේ ය. රවි සිකුරු වෘශ්චික රාශියේ ය. ශනි හා බුධ ධනු වේ ය. කේතු මකරයේ ය.මෙම ග්‍රහයන්ගේ චාරය මෙසේ වූවත් ඒ ඒ ග්‍රහයන්ගේ සතුරු මිතුරුකම් අනුව ජන්මියාට ශුභ – අශුභ ප්‍රදානය කරයි.

රවි ගමන් කරන්නේ සතුරු රාශියක ය. සඳු මේ මාසය තුළ රාශි කීපයක ගමන් කරයි. වෘශ්චික රාශිය තුළ පමණක්‌ නීච තත්වයේ ය. අගහරු සම රාශියක ය. ගුරුත් සතුරු රාශියක ය. එසේම රාහු, කේතු දෙදෙනාම සතුරු රාශි දෙකක ය. මේ මාසය තුළ ලග්න දොළසට ප්‍රතිථල ඒ අනුව සිදුවේ.

2017 වර්ෂය ගෙවෙන මේ දෙසැම්බර් මාසය ලබන විට පොදු ජනතාවගේ අපේක්‍ෂාව 2018 වර්ෂය කෙසේ වේයිද යන්න ගැනය. එතෙක්‌ අපේක්‍ෂා හා ප්‍රාර්ථනා පොදි බැඳගත් වැඩිදෙනෙක්‌ ග්‍රහයන් විසින් හෝ සොබා දහම විසින්වත් අපට සහනයක්‌ උදාකර දෙත්දැයි සිතමින් පසුවෙති.

2018 ජනවාරි වලදී නොව ලෝකායන කේන්ද්‍රයක්‌ ගොඩනැගෙන්නේ අප්‍රියෙල් 14 වැනිදායින් පසුවය. එහෙත් දිනෙන් දින මසින් මස ග්‍රහචාරය කෙරෙහි අවධානය තබාගෙන වැඩ කරන වැඩිදෙනෙක්‌ මේ මාසය කෙබඳුදැයි විමසිලිමත් වෙති. 2017 දෙසැම්බර් මාසය තුළ ග්‍රහ චාරයේ කැපීපෙනෙන වෙනස නම් මාසය ආරම්භවන විටම ලග්න දොළසේම සඳු තනිවී සිටීමයි. හෙවත් සඳු දෙපස කිසිදු ග්‍රහයෙකුගේ චාරය නොවීමයි. එහෙත් කුජ ගුරු දෙදෙනාගේ දෘෂ්ටිය සඳුට වැටෙන නිසා ෙ€ම දෘම යෝගයෙන් මිදී ඇත.

මේෂ 

මේෂ ලග්නයට ලග්නාධිපතිත්, අෂ්ටමාධිපතිත් අ`ගහරු ය. යෝග කාරක හොඳම ග්‍රහයා ගුරු ය. හෙවත් බ්‍රහස්‌පතී ය. එම ශුභ ග්‍රහයා අෂ්ටමාධිපතිගෙන් පීඩා ලැබ 7 වැන්නේ වෙයි. එසේම 7 සහ 8 අධිපති සිකුරු – කුජ පරිවර්තන යෝගයක්‌ සහිතව අටේ සහ 7 වැන්නේ වෙයි. 7 වැන්න විවාහ රාශියයි. 7 වැන්න අධිපතියා අට වැන්නේය. 8 අධිපති කුජ 7 වැන්නේ ය. එය යහපත් පරිවර්තනයක්‌ නොවේ. විවාහ අපේක්‍ෂකයනට බාධා මතුකර පෙන්වන්නකි. විවාහකයන් අතර ද මතභෙAද හා ගැටුම් මතු කරන එකකි. කුජ සමග යෝගව 7 වැන්නේ සිටින යෝග කාරක ගුරු නිසා විවාහය පැත්තේ තරමක ඔරොත්තු දීමක්‌ද පෙන්වයි. මාසයේ අග භාගයේදී සිකුරු විසින් ලග්නය දකින හෙයින් බොහෝ දැවෙන ප්‍රශ්න සමනය වීමක්‌ හෝ යහපත් අතට පත්වීමක්‌ පෙන්වයි.අධ්‍යාපනය ලබන අවධියේ සිටින අයට තද අපහසුතා හෝ පසු බැසීම් ස්‌වභාවයක්‌ ද පෙන්නුම් කරයි.රැකියාව පැත්තේ අවහිරතා නැතත් දුර බැහැර ගමන් බිමන්වලදී ආරක්‍ෂා විය යුතු ය.උපතින් සඳු සිටියේ 2 වැන්නේ හෝ 9 වැන්නේ නම් මේ අපල කාලයකි. එසේම දැනට ගෙවෙන්නේ සිකුරුගේ දශාවක්‌ නම් තදින්ම ආරක්‍ෂා විය යුතු ය.

වෘෂභ 

වෘෂභ ලග්නයට හොඳම යෝග කාරක ග්‍රහයන් දෙදෙනා වන ශනි හා කුජ යන ග්‍රහයන් දෙදෙනාම ජන්ම කේන්ද්‍රයේ 6 සහ 8 යන රාශි දෙකේ ගමන් කිරීම අවාසියකි. ලැබෙන්නට තිබුණු බොහෝ ජයග්‍රාහී අත්දැකීම් දුර්වල කරයි. එසේම විවාහ ස්‌ථානය වූ 7 වැන්න පාප ග්‍රහයන් දෙදෙනාගෙන් පාප කර්තරී වී තිබීම හෙවත් පාප ග්‍රහයන් දෙදෙනෙකුට මැදි වීමකින් විවාහය පැත්තට හෝ ආදර බැඳුම් දුර්වල කරන ග්‍රහ පිහිටීමකි. 7 වැන්න පමණක්‌ නොව විවාහ කාරක සිකුරුත් පාප කර්තරී වී තිබීමත් අවාසිදායක ය. විවාහකයන් ගේ සිත් තැවුල් ඇති කිරීමකි. එසේම ජන්ම කේන්ද්‍රයේ 6 සහ 4 අධිපති සිකුරු හා රවි දෙදෙනාම පාපීන්ට මැදි වී තිබීම චෝදනා හෝ නීතිමය පැටලීමකට ඉඩ ඇති ග්‍රහචාරයකි. එහෙත් ලග්න අධියෝගය සහිත ග්‍රහ පිහිටිමක්‌ ද ඇති හෙයින් ඉවසීම හා නුවණ පෙරදැරිව එම තත්වය ජය ගැනීමට බැරි කමක්‌ නැත.මේවන විට ඔබට ගෙවෙන දශාව බුධ හා කුජට අයත් වූයේ නම් අධ්‍යාපන පැත්තේ හෝ දරුවන්ගේ පසු බෑමක්‌ නැත්නම් පරාජිත අත් දැකීමක්‌ පෙන්නුම් කරයි.සඳු 12 වැන්නේ ගමන් කරද්දී රාහු ජල රාශියක්‌ වූ කටකයේ ගමන් කිරීම දුරස්‌ථ ගමන් වලට ඉඩ ඇති එකකි. ජන්ම කේන්ද්‍රයේ දහවැන්නෙන් 11 වැන්න අධිපතියාත් 11 වැන්නෙන් 10 අධිපතියාත් යෝගව 11 වැන්නේ වීම හදිසි ආර්ථික ලාභ පෙන්වන්නකි. උපතින් සඳු සිටියේ 8 වැන්නේ නම් සමීප ඥාතිවරයෙකුගේ අනතුරකට ඉඩ ඇති එකකි. එසේම උපතින් සඳු සිටියේ ලග්න රාශියේ නම් තද ශාරීරික පීඩා ඇති කරයි.

මිථුන 

ලග්නාධිපතිත් 9 අධිපති ශනිත් යෝගව 7 වැන්නේ ගමන් කරන මේ මාසය යම් ප්‍රමාණයකින් භාග්‍ය මතු කරන එකකි. යෝග කාරක – මිථුන ලග්න හිමියාගෙ ජන්ම කෙන්ද්‍රයේ හොඳම ග්‍රහයා වන සිකුරු දුෂ්ට රාශියක්‌ වූ 6 වැන්නේ ගමන් කිරීම ප්‍රසන්න සෞඛ්‍යයට බාධාවකි. සෙම් කෝපය නිසා සුවපත් නින්දක්‌ නොමැති වීම හා අප්‍රසන්න සිහින දැකීම නිසා සිත්තැවුල් ඇති කිරීමටත් ඉඩ ඇත. එසේම ලග්නාධිපති බුධ පාපී ශනි සමග යෝගව 7 වැන්නේ වීම නිසාත් යෝග කාරක සිකුරු පාපීන් දෙදෙනෙකුට මැදි වීම නිසාත් රහස්‍ය සතුරු ආක්‍රමණ නිසා සිත්තැවුල් ඇති කෙරේ.මේ කාලය තුළ සෙනසුරු 7 වැන්නේ ගමන් කරයි. වර්ෂ 30 කට පමණ පසුව 7 වැන්නට ශනි පැමිණි කාලයකි. ඒ නිසා විවාහ අපේක්‍ෂා සහිත අයට බලාපොරොත්තු පමා කරයි. නැතොත් වැඩිහිටි හෙවත් වයසින් වැඩි අය සමග ප්‍රේම සබඳතා ඇති කර ගනී.ධන කාරක ගුරු හා 11 අධිපති කුජ දෙදෙනාගේ සංයෝගය පස්‌ වැන්නේ නිසා තමාගේ පමණක්‌ නොව දරුවන්ගේද ආර්ථික ශක්‌තිය බලවත් බවක්‌ පෙන්වයි. උපතින් සඳු සිටියේ ජන්ම කේන්ද්‍රයේ 12 වැන්නේ හෝ 7 වැන්නේ නම් යට සඳහන් කළ යහපත් ප්‍රතිඵල යම් පමණකින් අඩුකරයි. නැතොත් ප්‍රයෝජනවත් දෙයක්‌ සඳහා වැඩි මුදලක්‌ වැය කරයි.මේ වන විට ඔබට ලබා ඇති දශාවන් සඳු හා ගුරුට අයත් එකක්‌ වූයේ නම් සෞඛ්‍යය අතින් තදින්ම ආරක්‍ෂා වියයුතු කාලයකි.මේ ලග්න අධියෝගය සහිත ග්‍රහචාරයකින් යුත් කාලයකි. ලක්‍ෂමී ස්‌ථානගත ගුරු, 9 වැන්න දකින ග්‍රහ චාරයක්‌ සහිත ය. මෙය දේශපාලන කටයුතු සඳහා අපේක්‍ෂා තබා ගෙන කටයුතු කරන අයට වඩාත් හොඳයි.

කටක 

කටක ලග්නහිමියාට අ`ගහරු හෙවත් කුජ, යහපත් යෝග කාරක ග්‍රහයා ය. ඒ ජන්ම කේන්ද්‍රයේ 5 සහ 10 අධිපති හෙවත් ලක්‍ෂමී – විශ්ණු රාශි දෙකටම අධිපති ග්‍රහයා බැවිනි. එම අ`ගහරු මේ වන විට 04 වැන්නේ ගමන් කරයි. පදවිය හෝ බලය සඳහා සටන් වදින කාලයකි. ඥාන කාරක ගුරු සමග යෝගව කේන්ද්‍රස්‌ථානයක ගමන් කරන නිසා අත පුච්චා ගන්නේ නැතිව අනුන්ගේ බළල් අතකින් කාර්ය සාධනයට පෙළඹෙන සිතකින් ක්‍රියා කරන කාලයකි. කටක ලග්නයට ක්‍රියාශ්‍රීලී ග්‍රහයා වන අ`ගහරු 4 වැන්නේ සිට 10 සහ 11 දකින නිසා ‘භවත් භවාම්’ රීතිය මත පදවි බලය වෙනුවෙන් සටන් වදින කාලයකි. එහෙත් රාහු ජල රාශියක්‌ වූ කටකයේම හෙවත් ලග්න රාශියේම ගමන් කරන නිසා ඇතැම් ක්‍රයා මාර්ග අවිචාරශීලීය. හෙවත් අවුල් සහගත ය.ජන්ම කේන්ද්‍රයේ 4 සහ 5 යන රාශි දෙකේ යෙදුණු කුජ – සිකුරු පරිවර්තන යෝගය නිසා දේශපාලනමය හෝ කුමන්ත්‍රණශීලී ක්‍රම අනුගමනය කරන්නට පෙළඹෙන කාලයකි. එහෙත් මේ වන විට ගෙවෙන්නේ සෙනසුරු ගේ මහදශාව හා රවිගේ අතුරු දශාව නම් නැතොත් රවි ශනි දශාවන් නම් බෙහෙවින් ම ආරක්‍ෂා විය යුතු ය. සමීපතම හිතවතුන්ගේ සතුරුකම්වලට ගොදුරු වේ.4 වැන්නේ පිහිටි ගුරු කුජ යෝගය ධර්මකර්මාධිපති යෝගයයි. එය ස්‌ථාන බල, ධන බල, වාසනා බල හා පදවිබල ළඟාකරන ග්‍රහ පිහිටීමකි. කලාතුරකින් විටෙක පමණක්‌ යෙදෙන යෝගයකි.එහෙත් මේ වන විට රවි – ශනි දශා ගෙවෙයි නම් අනතුරු වලට නැඹුරු ය.

සිංහ 

ලග්නාධිපති රවි හා 10 අධිපති සිකුරු යෝගව 4 වැන්නේ ගමන් කරන කාලයකි. ඒ කේන්ද්‍රස්‌ථාන දෙකක අධිපතීන්ගේ යෝග වීමකි. ඒ නිසා ජන්ම කේන්ද්‍රයේ 10 වැන්න අනියමින් බලවත් කිරීමකි. වෘත්තිය, පදවිය හා බලය සුරක්‍ෂිත කරන ග්‍රහචාරයකි. එසේම ජන්ම කේන්ද්‍රයේ 4 වැන්න ශක්‌තිමත් කරන ග්‍රහ පිහිටීමකි. ඒ නිසා ඉඩම්, නිවාස හා යාන වාහන පැත්තේ, තම ආර්ථිකයට ඔරොත්තු දෙන දියුණුවක්‌ හෙවත් ශක්‌තියක්‌ පෙන්වන්නකි. සහෝදරස්‌ථානය පාපී ගුරු ගෙන් පීඩා ලැබ සිටින හෙයින් සහෝදරයෙකුගේ ශාරීරික සෞඛ්‍යට අහිතකර අවස්‌ථාවක්‌ ද වේ.සිංහ ලග්නයට බුධ, 2 සහ 11 යන අයස්‌ථානය හා ධනස්‌ථානයට අධිපති ග්‍රහයා ය. එම බුධ පස්‌ වැන්නේ සිට තම රාශියක්‌ වන 11 වැන්න දකී. 11 වැන්න අයස්‌ථානයයි. එහෙයින් මෙම මාසය තුළ ආර්ථිකය පැත්තේ හෙවත් ලැබීම පැත්තේ වර්ධනයක්‌ පෙන්වයි.උපතින් සඳු සිටියේ 10 වැන්නේ හෝ 5 වැන්නේ නම් ඔබ මේ පසු කරන්නේ ඒරාශ්ටක අපල සහිත කාලයකි. හදිසි අනතුරුවලට නැඹුරු කාලයකි. රිය පදවන්නේ නම් බෙහෙවින්ම ආරක්‍ෂා විය යුතු ය. දැනට ගෙවෙන දශාවන් ශනි බුධ නම් යහපත් නැත.

කන්‍යා 

කන්‍යා ලග්නයට හොඳම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. එම සිකුරු කුජත් සමග පරිවර්තන යෝගයක හසුව සිටිය දී මේ මාසය ලබයි. එසේම ජන්ම කේන්ද්‍රයේ යෝග කාරක සිකුරු, තුන්වැන්නේ සිට භාග්‍යස්‌ථානය දකී. එය යහපත් ග්‍රහ පිහිටීමකි. තව දුරටත් ලග්නාධිපති විසින් කර්ම ස්‌ථානය වන 10 වැන්න සෘජුව දකී. පදවි පුටුව වෙනස්‌ කිරීමකට හෝ බලවත් කිරීමට තුඩුදෙන ග්‍රහ චාරයකි. එසේම කර්ම පාලන ග්‍රහයා වන රාහු ගමන් කරන්නේ බුධට අයත් අස්‌ලිස නැකතේ ය. අස්‌ලිස නැකත බුධට අයත් ලග්නාධිපතිගේම නැකතකි. මේ කේන්ද්‍රයට බුධ ලග්නාධිපති පමණක්‌ නොව කරමස්‌ථානය වූ 10 වැන්නේද හිමි කරු ය. 10 වැන්න යනු වෘත්තීය, පදවිය, තත්වය හා විශ්ණු ස්‌ථානය බලවත් කිරීමකි. ඒ නිසා වෘත්තීය දේශපාලනයට නැඹුරු නම් එය ශක්‌තිමත් වෙයි. සතුරු බලවේග දිය වෙයි. ලේඛකයකු නම් පොත් පත් ලිවීමට පෙළඹේ. විභාගයකට පෙනී සිටින්නේ නම් එයින් සමත් වේ. පෑන බලපවත්වන ග්‍රචාරයකි.කන්‍යා ලග්නයට ගුරු හා සිකුරු මාරක ග්‍රහයන් දෙදෙනා ය. සිකුරුට යෝග කාරක අයිතියක්‌ ඇති නිසා මාරක ය. අත් හැරේ. එහෙත් ගුරු එම කාර්ය තමා වෙත පවරා ගනී. මේ කාලය තුළ ගුරු ගමන් කරන්නේත් මාරක රාශියක්‌ වූ 2 වැන්නේ ය. එහෙයින් මේ දශා කාලය වෙතොත් සතුරා තමා පසුපස ළගා වෙමින් සිටින බව අමතක නොකළ යුතු ය.

තුලා 

තුලා ලග්නය 7 වන ලග්නයයි. ලග්න රාශියේ සිට 7 වන රාශිය දක්‌වා වූ ජන්ම රාශි වළල්ලේ පූර්වාර්ධය ශක්‌තිමත් ය. තුලා ලග්නයට යෝග කාරක බලවත් ග්‍රහයා ඥාන කාරක බුධ ය. එහෙයින් දුරදිග බලා වැඩකරන සීමා රහිත ඉවසීමක්‌ හා විඳදරාගැනීමක්‌ ඇති කෙනෙකි. ගනු දෙනුවට, වෙළඳාමට අර්ථ සංරක්‍ෂණයට යහපත් ලග්නයකි. ලග්නාධිපති සිකුරු ය. මාරක ග්‍රහයා අ`ගහරු ය. ඒ දෙක සහ 7 යන මාරක රාශි දෙකටම අධිපති ග්‍රහයා බැවිනි.මේ වන විට කර්ම පාලන ග්‍රහයා 10 වැන්නේ සතුරුව ගමන් කරයි. රාහු වූ කලී ගුප්ත ග්‍රහයෙකි. එහෙත් යෝග කාරක බුධගේ නැකතක ගමන් කරයි. රාහු වූ කලී ගුප්ත ග්‍රහයෙකි. එහෙත් යෝග කාරක බුධගේ නැකතක ගමන් කරයි. එහෙයින් ක්‍රියා කිරීමේ දී සියුම් බුද්ධිය පෙරදැරිව කටයුතු කරයි.තුලා ලග්නයට මාරක ග්‍රහයා කුජ ය. ඒ 2 සහ 7 අධිපති ග්‍රහයා බැවිනි. එම කුජත්, සතුරු රාශියක්‌ වන 6 හරහා ගමන් කරයි. ඒ නිසා බුද්ධිමත් මඟපෙන්වීමක්‌ ඇති ඇසුරු කිරීම් අහිමි කරන්නට බලයි.ගුරු බුද්ධිකාරකයා ය. කුජ හිතුවක්‌කාරයා ය. මේ දෙදෙනාම ලග්න රාශියේ හෙවත් ඔළුවේ ගමන් කරයි. වෘත්තිය ව්‍යාපාරයක්‌ නම් පාඩු කරයි. අනෙක්‌ කටයුත්තක්‌ නම් විපරිත වෙයි.ජීවන ගමන වෙනස්‌ කරන්නේ හෝ කටයුත්ත වෙනස්‌ කරන්නේ 10 වැන්නේ ගමන් කරන රාහු විසිනි. මාරක ග්‍රහයා කුජ නිසා ළ`ගම ඇසුරු කරන්නාගෙන් පරිස්‌සම් විය යුතු ය. විශ්වාසය ළගින්ම අවිශ්වාසය සහිතව කටයුතු කළ යුතු ය.

වෘශ්චික ලග්නය 

වෘශ්චික ලග්නය අ`ගහරුට අයත් එකකි. සළකුණ සිරුරේ අග සහ මුල විෂ දත් ඇති ගෝනුස්‌සා ය. එපමණක්‌ ඔහු කවුරුන්දැයි සිතාගත හැකි ය. ඒ තත්වය වෙනස්‌ කළ හැක්‌කේ බලවත් සඳුට පමණි.වෘශ්චික ලග්න හිමියාගේ යෝග කාරක ග්‍රහයන් දෙදෙනා රවි සහ සඳු ය. මාරක ග්‍රහයන් දෙදෙනා ගුරු හා සිකුරු ය. මේ වන විට ලග්නාධිපති හා 12 අධිපති කුජ හා සිකුරු 12 සහ ලග්නයේ පරිවර්තනය වී ඇත. 12 වැය රාශියයි. මේ මාසය පුරාම ආර්ථිකය බිඳ දමන්නේ නැත. මේ වන විට ලග්නාධිපති කුජ 12 ට යැම ශුභ නැත. තවත් මසකින් පසු එම කුජ ලග්නගත වූ විට ආරෝහණ ගමන වේගවත් වෙයි. ව්‍යාපාරය, වෘත්තිය, දේශපාලනය කුමක්‌ වුවත් ඉදිරිය බලවත් ය. වෘශ්චික ලග්නයට යෝග කාරක ග්‍රහයා ආලෝක ග්‍රහයන් දෙදෙනා වන රවි හා සඳු ය. ලග්නාධිපතිත්, ආලෝක ග්‍රහයන් දෙදෙනා වන රවි සඳුත් බලවත් නම් හෙතෙම ප්‍රතාපවත් නායකයෙකි යනු Rෂි භාෂිතයයි. සියලූම වෘශ්චික ලග්න හිමියනට ඉදිරි වර්ෂය තුළ ඒ ශක්‌තිය ගොඩ නැගේ.වෘශ්චික ලග්නහිමියාට ගුරු – හා සිකුරු මාරක ග්‍රහයන් දෙදෙනා ය. මේ වන විට එම ග්‍රහයන් දෙදෙනාගේ දශා ගෙවෙයි නම් සතුරා ඔබ පසුපස ලූහුබඳී.මේ වන විට ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපති හා 5 අධිපති ගුරු 12 වැන්නේ ගමන් කරයි. 12 වැන්න ශුභ රාශියක්‌ නොවේ. 2017 ගෙවෙත්ම ලග්නාධිපති බලවත් වූ විට බාධක බොහෝ දුරට ඉවත් වේ. මේ වන විට ගුරු – සිකුරු දශා ගෙවෙයි නම් බෙහෙවින්ම ආරක්‍ෂා විය යුතු ය. උපතින් සඳු සිටියේ 2 වැන්නේ හෝ 7 වැන්නේ නම් අනතුරුවලට නැඹුරුයි.

ධනු 

ධනු ලග්නයට ලග්නාධිපතිම යෝග කාරකයා ය. තව දුරටත් රවිට යෝග කාරක බලයක්‌ ඇත. මේ වන විට එම බලවත් ග්‍රහයන් දෙදෙනාම කේන්ද්‍රයේ බලවත් ය. කුජ – ගුරු 11 වැන්නේ වීම ආර්ථිකය පාලනය කර ගත හැකි තත්ත්වයක්‌ පෙන්වයි. රවි – ගුරු දෙදෙනාම, විදෙස්‌ ගමන් කරන අයට ශක්‌තියක්‌ දෙයි. එසේම 5 වැන්නාධිපති හා ලග්නාධිපති යෝගව 11 වැන්නේ වීමත් යහපත් ය. විදෙස්‌ ඉගෙනීම් අපේක්‍ෂා කරන අයට හොඳයි. සම්මත පාපී ග්‍රහයකු වන සෙනසුරු ලග්නගත වීම ලග්න ඒරාශ්ටක කාලයක්‌ උදාකළ බවක්‌ පෙන්වතත් ධනු රාශිය තුළ හැසිරෙන සෙනසුරුට කෝදණ්‌ඩ ශනි, යන ශුභ නාමයක්‌ දී ඇත. ඒ නිසා ඒරාෂ්ටකය තද බල නැත.ධනු ලග්න හිමියාට 2 සහ 7 අධිපති ශනි හා බුධ මාරක ග්‍රහයන් දෙදෙනා ය. එම ග්‍රහයන් දෙදෙනාම ජන්ම කේන්ද්‍රයේ ලග්න රාශිය තුළම හැසිරෙයි. විපරිත කල්පනා හා අනියම් කෝපයට ඉඩ ඇති එකකි. මේ වන විට ශනි – බුධ දෙදෙනාට අයත් දශා – අතුරු දශා ගෙවෙයි නම් අනතුරු දායක ය. ධනු ලග්න හිමියාට එම දශාවක්‌ වෙයි නම් උභය රාශයි අයහපත්ය. හෙවත් අනුන්ගේ තැන්වල සාමූහිකව හැසිරීම යහපත් නැත. යම් ලෙසකින් ජන්ම කේන්ද්‍රයේ සඳු සිටියේ ලග්න රාශියේම හෝ 6 වැන්නේම නම් කටුක – පරාජිත අත්දැකීම් වලට නැඹුරු ය. ඒ අය ශාන්ති කර්ම මගින් ඒ අපහසුතාවය ජය ගත යුතු ය.

මකර 

මකර ලග්නය සෙනසුරුට අයත් එකකි. ඒ නිසා නෛසර්ගික පාපී ස්‌වභාවය යම් ප්‍රමාණයකින් අඩු කරයි. ඒත් ලග්නාධිපති 12 වැන්නේ ගමන් කරන කාලය අධික වියදම් දරන්නට සිදුවන කාලයකි. විශේෂයෙන්ම ලග්නයට හා ධනස්‌ථානය වන 2 වැන්නට අධිපති සෙනසුරු 12 වැන්නේ ගමන් කරන කාලය තුළ දී මහා පරිමාණයේ වියදම් දරන්නට සිදුවන ගමන් යෙදේ. මකර ලග්න කේන්ද්‍රයේ 7 වැන්නේ රාහු ගමන් කරයි. ඒ ජල රාශියක්‌ වූ කටකයේ ය. 7 වැන්න විවාහ රාශිය වූ හෙයින් විවාහකයනට දුරස්‌ථ ගමන් හෝ කාර්ය බහුලතාවය නිසා දුරස්‌ථ බවක්‌ ඇති කෙරේ. ලග්නාධිපති සෙනසුරුත් 12 වැන්නේ හැසිරෙන කාලය ප්‍රයෝජනවත් ගමන්ද යෙදෙයි.මකර ලග්න හිමියාට 2 අධිපතිssත් ලග්නාධිපති ය. 7 අධිපති සඳුත් මාරකය ප්‍රතික්‍ෂේප කරන ග්‍රහයා ය. ඒත් ජලාශ්‍රිත ගමන් වල යෙදීමත් ගංගා – මුහුදුවල ස්‌නානය හෝ පිහිනීම අයහපත් බව මතක තබා ගත යුතු ය. අවදානම් අවස්‌ථා හඳුනාගෙන කටයුතු කිරීමට උනන්දු විය යුතු ය. ලග්නාධිපතිම සෙනසුරුවන හෙයින් ඒරාශ්ටක අපල උග්‍ර නැත. එහෙත් මකර ලග්න හිමියාට චර රාශිය යනු යහපත් නැත. චර රාශිය යනු මහා මාර්ගය හා ගමනේ යෙදීම අනතුරුදායක එකක්‌ බව මතකයේ තබා ගත යුතු ය.

කුම්භ 

කුම්භ ලග්නයත් සෙනසුරුට අයත් එකකි. සෙනසුරු යනු පොදු ජනතාව නියෝජනය කරන ග්‍රහයා ය. ඒ නිසා කුම්භ ලග්න හිමියාටත් සෙනසුරු උපතින්ම බලවත් වී සිටි අයටත් දේශපාලන කටයුතු නරක නැත. එයට හේතු දෙකකි. එකක්‌ දේශපාලන ගමනේදී ලැබිය යුතු විවේචන, බාධක දරාගෙන නොසැලී කටයුතු කළ හැකි චිත්ත ශක්‌තියක්‌ වීමයි. දෙවැන්න නම් කුම්භ ලග්න හිමියා වැටුණත් නැවත නැගී සිටීමේ ශක්‌තිය ඇති එකක්‌ වීම ය. එහෙයින් කුම්භ ලග්න හිමියාට වන්දනා ගමනට වඩා තරගකාරී ගමන සුභදායක වෙයි.කුම්භ ලග්න හිමියාට මේ මාසය අයහපත් වන්නේ තමාට සතුරු ග්‍රහයා වන රවිගේ දශාවක්‌ ලබා ඇතොත් පමණි. කුම්භ ලග්න හිමියාට තිර රාශිය හෙවත් තමාගේම නිවස ජය භූමියකි. ආරක්‍ෂිත තැනකි. එතැනට සතුරු බලවේග නැත. සාමූහික සාකච්ජා, ගනු දෙනු, ගිවිසුම් වැනි පෞද්ගලික කටයුතු අනුන්ගේ ස්‌ථානවල යහපත් නැත. දුරගමන් වල නොයෙදෙන තරමට යහපත් ය. කුම්භ ලග්න හිමියාගේ 6 වැන්න වූ දුෂ්ට රාශිය අධිපතියා සඳුය. සඳු ජන්මියාව නඩු හබවලට පැටලවීම අඩුය. කුම්භ ලගන් හිමියාට ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරක්‌ වෙයි. එහෙයින් වාද විවාදවලදී පරාජයක්‌ නැත.කුම්භ ලග්න හිමියනට ලග්න ඒරාෂ්ටකයක්‌ නැත. එහෙත් ජන්ම ඒරාෂ්ටකය අහිතකර ය. එය යෙදෙන්නේ උපතින් සඳු 6 වැන්නේ සිටියොත් පමණි.කුම්භ ලග්න හිමියාට මේ මාසය තුළ 9 යේ සහ 10යේ පරිවර්ථන යෝගයක්‌ යෙදී ඇත. ඒ ධර්ම කර්මාධිපති පරිවර්තනයකි. ඒ නිසා මේ මාසය තුළ කරන බොහෝ කටයුතු සාර්ථක ය. ජයග්‍රාහී මාසයකි.

මීන 

මීන ලග්නය සම්මත ශුභ ග්‍රහයකු වූ ගුරුට අයත් එකකි. එහෙත් දොළොස්‌ ලග්න අතුරෙන් අන්තිම ලග්නය වේ.මීන ලග්නයටත් පොදුවේ 6 වැන්න අයහපත් රාශියකි. ඒ 6 වැන්න රෝගී ස්‌ථානය වීම නිසාය. උපතින් සෙනසුරු 6 වැන්න සහිතව උපන් ජන්මියා අසනීප තත්ත්වය ස`ගවාගෙන ජීවත්වන කෙනෙකි. ඒ නිසා උපතින් ශනි 6 වැන්නේ සිටීමත්, 6 වැන්න හා ගමන් කිරීමත් යන දෙකම යහපත් නැත.මේ මාසය තුළත් ලග්නාධිපති ගුරු ගමන් කරන්නේ අතිදුෂ්ට රාශියක්‌ වන 8 වැන්න හරහා ය. එවිට ශනි – රවි යන දෙදෙනාම 7 වැන්නාධිපති මැදි කරගෙන ගමන් කරන කාලයකි. ඒ කාලය ශුභදායක නැත.ගෝචර ගමනින් සෙනසුරු 10 වැන්නේ ගමන් කරන කාලයකි. 10 වැන්න වෘත්තීය රාශියයි. සෙනසුරු මේ 10 වැන්නට පැමිණියේ අවුරුදු 30කට පසුවය. එතැනදී සිය රැකියාව, ව්‍යාපාරය හෝ ගොඩනගාගත් ශක්‌තිය දුර්වල කරන කාලයකි. මේ සෙනසුරු තමා කරන කාර්යයේදී අවිචාරවත් තීරණ වලට බසින කාලයකි.මීන ලග්න හිමියාට සෙනසුරුගේ දශාවක්‌ වෙයි නම් හෝ බුධගේ දශාවක්‌ වෙයි නම් විශේෂයෙන්ම ආරක්‍ෂා විය යුතු ය.