මේ සතිය ඔබට සුබ වෙන්නේ මෙහෙමයි (නොවැ 27 – දෙසැ 03)

892

මේෂ – අදහස් සඵල වේ 
මෙම සතිය පුරාවට හිත මිත්‍රයන් රාශියක් තම ආශ්‍රයට ලැබේ. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනකුගේ පැමිණීම තුළ තමාට එතරම් ශුභදායක ප්‍රතිඵල නොලැබේ. ආදායම් ලැබුණ ද ඔබට වියදම් පක්ෂය ඉහළ යාම පාලනය කර ගැනීමට අසීරු වේ. ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවල නියුක්ත වීමේ අවකාශයක් හදා ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. එම නිසා බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන් ගැන පැවැති අදහස් කිහිපයක් සඵල කරගත හැක. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහයෙන් ප්‍රතිඵල ලබාගත හැක.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

වෘෂභ – රැවටීම්වලට ඉඩ ඇත 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී තම බලා‍පොරොත්තු අදහස් ඉෂ්ට වනුයේ වෙනස් වූ ආකාරයටය. උගත්කම ඇති අයට තම දැනුම බුද්ධිය තුළ වාසි සහගත තත්ත්වයක් උදා කරගත හැක. එහෙත් විටෙක රැවටීම්, වංචාවලට අසුවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් වඩාත් ශුභදායක ප්‍රතිඵල නොලැබුණත් ස්වකීය අවස්ථාවන්ට සරිලන ආදායමක් ලැබේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

මිථුන – ආර්ථික ලාභ 
වෘත්තීය සහ රැකීරක්ෂාවල දී ප්‍රසිද්ධියක් ඇතිවීම තුළ ජීවිතයේ අමුතු උදාවක් ඇති වේ. කලක සිට මහන්සියෙන් කරගෙන යන කටයුතු කිහිපයක සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ලාභ අත්පත් වේ. ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී නොවුවහොත් සමගිය සාමයට අවහිරතා බාධා එල්ලවීමට ඉඩ පවතී. දරුවන්ගේ කටයුතු සාර්ථක වනු ඇත. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. කෙටි ගමන්බිමන් කිහිපයක් යෙදේ. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

කටක – මිශ්‍රපල 
ආර්ථික සහ මූල්‍යමය ක්‍ෂේත්‍රයේ දී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. ඔබ බලා‍පොරොත්තුව සිටි තරමට ආදායම් මාර්ග විවෘත නොවේ. ආදායමක් ලැබුනද මුදලක් ඉතිරිකර ගැනීමට ඉතාම අසීරු වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට බලා‍පොරොත්තු වන තරමට වාසිදායක තත්ත්වයක් උදා නොවේ. වෘත්තීය සහ රැකීරක්ෂා ක්‍ෂේත්‍රයේ දී වුවදච කාර්ය බහුලත්වය තුළ අතපසුවීම්වලට ඉඩ පවතී. දෝෂාරෝපණවලට ලක් විය හැකි නිසා කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල විය හැක. දරුවන්ගේ කටයුතු උදෙසා ද කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. තම සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02

සිංහ – දුර ගමන් යෙදේ  
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තමාගේ උනන්දුවට සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. උසස් අයගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු යහපත් ආකාරයට ඉටු වේ. ආර්ථික වශයෙන් යහපත්ය. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග පුළුල් කරගත හැක. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුත්තේය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ගණීත මිනිත ආශ්‍රිත විෂයයන් තුළින් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. සමාජීය කටයුතුවලට වැඩි අවධානයක් උදා කරයි. ඒ තුළ සිතට සැනසීම ද සහනය ද උදා කරගනී. කෙටි ගමන් මෙන්ම දුර ගමන් ද යෙදේ.
ජය වර්ණය- රතු, ජය අංකය- 01

කන්‍යා – බලා‍පොරොත්තු ඉටුවේ 
තම කටයුතුවලට උසස් අයගේ ආධාරය උපකාරය ලැබේ. බලා‍පොරොත්තුව සිටි අදහස් කිහිපයක් ඉටු වේ. රැකීරක්ෂා කටයුතුවල දී ප්‍රයෝජනවත් දෙයටම හිත යොමු කරයි. ඒ තුළ ලැබෙන ප්‍රතිඵලය සාර්ථක වේ. ආදායම් ලැබිමට හොඳයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ තමාගේ කටයුතු යහපත් වේ. තම කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා සැලසුම් කීපයක් සකස් වේ. ඒ උදෙසා ද අන්‍යයන්ගේ සහාය ලැබේ. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍යයි. සමගියට සාමයට බාධා එල්ල නොවේ. අලුත් හිත මිතුරන් කිහිප දෙනකු තමා සොයාගෙන පැමිණේ. දරුවන්ගේ කටයුතු උදෙසා අවධානය යොමු කරන්න. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය- කොළ, ජය අංකය- 05

තුලා – කල්පනාකාරී වන්න 
බලා‍පොරොත්තු වූ අදහස් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ දී අන්‍යයන්ගේ සහයෝගය ලැබේ. එහෙත් විටෙක යම් යම් අපහසුතා, ගැටලුකාරී තත්ත්වයන් උද්ගත කළ හැකි නිසා තම සැලසුම් ඉදිරියට ගෙන යාමේ දී වඩාත් කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. කෘෂිකාර්මික අංශවල යෙදී සිටින අයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබේ. ගෙවල් ඉඩම් කටයුතු සම්බන්ධයෙන් ද යහපත්ය. ගෙදරදොර කටයුතු යහපත්ය. ආගමික සහ සමාජීය කටයුතුවලට යොමුවන අතර ඒ තුළ සහනයක් ද සැනසීමක් ද උදා කරගනී. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු කිහිපයක්ම සාර්ථක වේ. පී්‍රති උත්සව කිහිපයකට ආරාධනා ලැබේ.
ජය වර්ණය- නිල්, ජය අංකය- 06

වෘශ්චික – බාධා සහිතයි 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී සාර්ථක ප්‍රතිඵල ලබයි. තම කටයුතු කෙරෙහි අවධානය යොමු වීමත්, නිවැරදි සැලසුම් සකස් කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. අලුත් කටයුතු කිහිපයක් උදෙසා සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් ලාභ ලැබේ. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී නම් තරමක් බාධා අවහිරතා ඉස්මතු කිරීම තුළ සමගිය සාමයට අවහිරතා ඇති කළ හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ.
අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට පුළුවන. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය- රතු, ජය අංකය- 09

ධනු – කල්පනාකාරී වන්න 
ලාභ බලා‍පොරොත්තුවෙන් කරන ආයෝජනයන් තුළ ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් ප්‍රවේශම් විය යුතුයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට විශේෂයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් දෝෂාරෝපණවලට ඉඩ මතු කළ හැකි බැවිනි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු යහපත්ය. එහෙත් විමසිලිමත් වන්න. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ශුභදායකයි. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරයි.
ජය වර්ණය- රත්රන්, ජය අංකය- 03

මකර – ගමන්බිමන් අධිකයි 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටෙක ඔබ බලා‍පොරොත්තු වන තරමට යහපත් ප්‍රතිඵල උදා නොවේ. විටෙක ගමන්බිමන් අධික වෙතත් එයින් ප්‍රයෝජන ලැබෙන්නේ ඉතා මඳ වශයෙනි. මිල මුදල් ලැබිම අතින් අහිතකර නොවුව ද විටෙක ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ.
මිල මුදල් වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අයුරින් සිදු වේ. ආගමික සහ සමාජීය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, ජය අංකය- 08

කුම්භ – මුදල් කටයුතු පරිස්සමෙන් 
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත්ම නැත. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. මුදල් ආයෝජනයේ දී ප්‍රවේශම් විය යුතුයි.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා සහිතයි. එම නිසා ප්‍රමාදවීම් ඇති කළ හැක. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් ප්‍රගතියක් ඇති කරයි. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. ඒ තුළ සහනයක් ද සැනසීමක් ද ලබයි. ගමන් බිමන් ඇති වේ. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.

මීන – වියදම් පාලනය කරගන්න 
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා, අවහිරතා, ගැටලුකාරී ගති මතු කරන නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී තරමක් බුද්ධිමත් වන්න.
මිල මුදල් ලැබිම තුළ යහපත් බවක් උදා කළත් වියදම් පක්ෂය පාලනය කරගත නොහැකි නිසා මිල මුදල් සම්බන්ධයෙන් ද කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ.
දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවලට ශුභයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දී අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03