ගොසිප්

හිමාල කඳු අතරින් ගාලු මුවදොරට ගෙනා චීන සුරපුරය ශැංග්‍රිලා

අනුන්ට අංචි නොඅදින, අල්ලපු ගෙදර ඉන්න එකාට එරෙහිව පෙත්සම් නොගසන, කේලම් සහ බොරු නොකියන, ගැහැනු නාන තැන සිට හොරෙන් නොබලන, ඉරිසියා හෝ ක්‍රෝධ නොකරන සදාචාරවත් මිනිසුන් සිටින රටක්‌ වෙතොත් එයට උටෝපියාව (Utopia) නමැති නම තැබිය හැකි බව 14 වැනි ශත වර්ෂයේදී එංගලන්තයේ ජීවත් වූ ශ්‍රීමත් තෝමස්‌ මුවර් නමැති දර්ශනවාදියා කීවේය. ඒ අදහස ප්‍රවර්ධනය කරනු පිණිස ඔහු 1516 දී උටෝපියා යනුවෙන් පොතක්‌ ද ලියුවේය. එහෙත් ඔහුගේ උටෝපියාව බිහිවූ තැනක්‌ ගැන කිසිදු ආරංචියක්‌ අදටත් නැත. අංචි අදින, කේලම් කියන, පෙත්සම් ගසන, බොරු පලන, හොරෙන් බලන සමාජය අදටත් එසේමය.

Loading...

මේ අතර 1900 දී ඉපිද 1954 තෙක්‌ ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයකු වූ ඡේම්ස්‌ හිල්ටන්, ආසියා මහාද්වීපය තුළ කිසියම් රහසිගත තැනක උටෝපියාවක්‌ තිබෙන බව විශ්වාස කළේය. එම අදහස සිත්හි තබාගත් ඔහු ඒ ගැන පර්යේෂණ කරන විට නැෂනල් ජියෝග්‍රැෆික්‌ නමැති සඟරාවේ තිබූ ලිපියක්‌ කියවන්නට ලැබී මහත් සේ අමන්දානන්දයට පත් විය. එම ලිපිය ලියා තිබුණේ ජෝෂප් රොක්‌ නමැති පරිසරවේදියකු විසිනි. ජෝෂප් රොක්‌ එක්‌දහස්‌ නවසිය විසි ගණන්වලදී තිබ්බතයේ සංචාරයක නිරත විය. ඒ අතර හිමාල කඳු පන්තියට අයත් Kunlun කඳු පෙළ අතරින් යැමට ඔහුට සිදු විය. එහිදී ඔහු දුටුවේ කුමක්‌ද? කඳු අතර පිහිටි ඉතා සුන්දර නිම්නයකි. බොරු නොකියන. කේලාම් නොඅසන, ක්‍රෝධය සහ වෛරය ප්‍රහීන කළ සියලු ධන ධාන්‍යයෙන් ස්‌වයංපෝෂිත බෞද්ධ ජන සමාජයක්‌ මෙහි ජීවත් වූහ.

සමහර කතන්දරවල එන පරිදි හිමාල කඳුපෙළට අයත් කෛලාස කූඨ නමැති කන්ද පාමුල පිහිටි අනෝතත්ත විල අසල ද ඉතා ධාර්මික ස්‌වයංපෝෂිත ජන සමාජ ඇත. ජෝෂප් රෝක්‌ගේ ගවේෂණය ඡේම්ස්‌ හිල්ටන්ගේ සාහිත්‍ය නිර්මාණ දිශානතිය වෙනස්‌ කළේය. 1933 දී හිල්ටන් ලියූ අලුත්ම නවකතාව The Lost Horizan යනුවෙන් නම් කෙරුණ අතර එම කතාව ගෙතී තිබුණේ තිබ්බතයේ පිහිsටි ශැංග්‍රිලා නමැති ධාර්මික සමාජයක්‌ වටාය.ටාවෝ වාදය නමැති අනිත්‍යවාදී දර්ශනය ඈදුණු චීන රාජාණ්‌ඩුවක්‌ මෙයට අවුරුදු 4500 කට පෙර මේ ප්‍රදේශයේ තිබූ බවත් එහි නායකයා වූ කහ අධිරාජ්‍යයාට අයත් විසිතුරු මාළිගයක්‌ එහි වූ බවත් කියන කතන්දරවලින් කුන්ලුන් කඳුකරය අදටත් පිරී ඉතිරී ගොස්‌ ඇත.

ශැංගි්‍රලාව කේන්ද්‍ර කරගත් ඡේම්ස්‌ හිල්ටන්ගේ නවකතාව ඉතා කෙටි කලකින් ජනප්‍රිය විය. එහෙත් වසර 10 ක ඇවෑමෙන් එය ක්‍රමයෙන් හැමටම අමතකව ගියේය. අවසානයේදී ශැංග්‍රිලා සංකල්පය හිමාල කඳුකරය තුළ තනි විය. උටෝපියා කතන්දරය යට ගිය අතර ශ්‍රීමත් තෝමස්‌ මුවර් ගැන මතක තිබූ අය මිය පරලොව ගියහ.

Loading...

සියල්ල එතැනින් නිම වීද? නැත. 1923 දී මැලේසියාවේ උපන් චීන ව්‍යාපාරිකයකු වූ Robert Kuok ට 1960 ගණන්වල මුලදී ශැංග්‍රිලා සංකල්පය ගැන දැන ගන්නට ලැබිණ. මෙයින් වැඩක්‌ ගැනීමට කල්පනා කළ ඔහු 1971 දී සිංගප්පූරුවේදී හෝටලයක්‌ ඉදිකර එයට ශැංග්‍රිලා යනුවෙන් නම් තැබීය. ඒ කාලයේදී සිංගප්පූරුවේ ඉඩම් ඒ තරම් ගණන් නැත. මේ නිසා ඔහු නගර මධ්‍යයෙන් අක්‌කර 15 මිලට ගෙන හෝටලය එතැන තැනුවේය. අද වනවිට මේ හෝටලය සිංගප්පූරුවේ ඇති ලොකුම ඉඩම හිමි හෝටලය ය. අද වනවිට මෙහි කාමර 747 ක්‌ තිබේ. ඊට අමතරව සුඛෝපභෝගී එපාට්‌මන්ට්‌ 123 ක්‌ / අධි සුඛෝපභෝගී බංගලා 55 ක්‌ද මේ හෝටල් සංකීර්ණය සතුය.

මේ රමණීය හෝටලයේ බිත්ති වැඩි හරියක්‌ වීදුරුවලින් නිම කර තිබේ. එබැවින් හෝටලය පිහිටි භුමියේ පරිසරය සමග එක්‌ බැල්මකින් එක්‌ වීමට එහි යන එන අයට පුළුවන. හෝටලයේ අයිතිකාර රොබට්‌ කුවොක්‌ අද මිහිමත සිටින ධනවත්ම 40 දෙනාගෙන් කෙනෙකි. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 13.6 කි. ලඡ්ජාශීලි මිනිසකු වන ඔහු පිටරටවලදී ශැංගි්‍රලා හෝටල් විවෘත කරන විට ඒවාට සහභාගී වන්නේවත් නැත. මේ වනවිට ශැංගි්‍රලා හෝටල් 95 ක්‌ ලොව පුරා ඇත. ඒවායේ ඇති කාමර මුළු ගණන 40000 ඉක්‌මවයි. ආරංචියේ හැටියට රොබට්‌ කුවොක්‌ තම හෝටල්වලින් අඩක්‌වත් ඇහැට දැක නැත. හොංකොං නගරයේ පිහිටි නිවසක ඔහු ඉතා නිහතමානී ජීවිතයක්‌ ගත කරයි. හෝටල් කර්මාන්තයට අමතරව උක්‌ වගා, සීනි කම්හල්, පිටි කම්හල් සත්ත්ව ආහාර කම්හල්, ප්‍රකාශන ආයතන, තෙල් කොම්පැණි යනාදියද ඔහුට තිබේ. ලොව ලොකුම පාම් තෙල් කොම්පැණිය ඔහුට අයත් ය. ඇමරිකන් ඩොලර් බිලියන 4.8 ක්‌ වටිනා ලොව මිල අධිකතම සාගර යාත්‍රාව අයත් වන්නේද ඔහුටය.

රොබට්‌ කුවොක්‌ ඉතා අමාරුවෙන් ඉගෙන ගත් බවත් කාර්යාල කාර්ය සහායකයකු ලෙස ජීවිතය පටන් ගත් බවත් කියනු ලැබේ. ඔහු මිට්‌සුබිෂි නමැති ජපන් සමාගමේ මැලේසියානු ශාඛාවේ ලිපිකරුවකු ලෙසද කලක්‌ කටයුතු කර ඇත. අන් බොහෝ ධනවත් ව්‍යාරිකයන්ට වඩා ඔහු වෙනස්‌ ය. ඔහුට ඇත්තේ එක බිරියකි. ඒ බිරිය ඔහුට දුන් දරුවන් ගණන හතකි. ශැංග්‍රිලා සමාගම ශ්‍රී ලංකාව තුළ සිය පළමුවැනි හෝටලය පටන්ගත්තේ හම්බන්තොටදීය. ඒ 2014 දීය.ඉන්පසු කොළඹ ආරක්‍ෂක අමාත්‍යාංශය ට අයත් භූමියේදී දෙවැනි ශැංග්‍රිලා හෝටලය හැදීය.

Related Posts