ගොසිප්

රෝද පුටුවෙන් සිඟමන් යදිමින් ජිවත් වුනු අයටත් තවත් කරදරයක්

හදිසි අනතුරකින් ආබාධිත තත්ත්වයට ලක්‌වීම හේතුවෙන් රෝද පුටුවකින් සිඟමන් යදිමින් සිටි පුද්ගලයකුගේ රෝද පුටුව කරවනැල්ල ප්‍රදේශයේදී සොරකම් කර ඇත.

Loading...

මස්‌කෙළිය, බෝපත්තලාව ප්‍රදේශයේ පදිංචි වී සිටි එල්. උදයකුමාර නමැති මෙම පුද්ගලයා පොල්ගහවෙල දුම්රිය ස්‌ථානයේ නාට්‌ටාමි රැකියාව කර ඇත. එසේ සිටියදී හදිසියේ දුම්රියක ගැටී ඔහුගේ එක්‌ පාදයක්‌ සම්පූර්ණයෙන්ම කැඩී ගොස්‌ ඇති අතර අනෙක්‌ පාදය දණිස්‌සෙන් වෙන් වී ගොස්‌ ඇත.

පාද දෙකම අහිමි වීම හේතුවෙන් ඇවිදීමට නොහැකිව රෝaද පුටුවකින් කරවනැල්ල, රුවන්වැල්ල, යටියන්තොට ප්‍රදේශවල සිඟමන් යදිමින් සිය ජීවිකාව ගෙන ගොස්‌ තිබේ. එසේ සිටියදී කරවනැල්ල ප්‍රදේශයේදී රාත්‍රි කාලයේ ඔහුගේ රෝද පුටුව සොරකම් කර ඇත.

මේ වන විට මෙම තැනැත්තාට ගමන් කිරීමට නොහැකිව කරවනැල්ල නගරයේ පදික වේදිකාවේ එකම ස්‌ථානයකට වී සිඟමන් යදිමින් සිටියි.

Related Posts