ගොසිප්

පේර කඩන්න ගිහින් අවාසනාවන්ත ලෙස මියගිය අස්වින් පුතා සොයාගත්ත අයුරු – Video

දිඹුල පොලිස් වසමට අයත් බෝගහවත්ත ප‍්‍රදේශයේ ඊයේ (11) පස්වරුවේ සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළසිරුර අද (12) උදෑසන බෝගහවත්ත තේ කර්මාන්ත ශාලාව අසලින් මහවැලි ගඟට ජලය ගලා බසිනා බෝගහවත්ත ඇළේ තිබි හමුවූ බව දිඹුල පොලිසිය පවසයි.

Loading...

මෙසේ හමුවි ඇත්තේ රාජේන්ද්‍ර කුමාර් අස්වින් නැමැති බෝගවත්ත දෙමළ මහා විද්‍යාලයේ පළමුවන වසරේ ඉගෙනුම ලබන සිසුවාගේ සිරුරයි.

ඊයේ (11) පස්වරුවේ සිට මෙම සිසුවා පේර කැඩිමට ගොස් නිවසෙන් අතුරුදහන්ව සිටි බවත් පසුව එම දරුවාගේ දෙමව්පියන් සහ ප‍්‍රදේශවාසින් එක්ව දරුවා සොයා මෙහෙයුමක් ආරමිභ කර තිබුණත් දරුවා සොයා ගැනිමට නොහැකි නිසා අද (12) උදැසන එම ඇළ මාර්ගය දිගේ පරික්‍ෂා කිරිමේදී පේර ගසට පහලින් මහවැලි ගඟට ජලය ගලා බසින බෝගහවත්ත ඇළේ තිබී සිසුවාගේ සිරුර හමුවි තිබේ.

දරුවා ඇළට වැටුණු ආකාරය පිළිබඳව දිඹුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්‍ෂණ ආරමිභ කර තිබේ.

ඇළේ තිබී හමුවු සිරුර සමිබන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයෙන් පසු සිරුර නුවරඑළිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව දිඹුල පොලිසිය වැඩිදුරටත් පැවසීය.වීඩියෝව පහතින් නරඹන්න

Loading...

Related Posts