ගොසිප්

මුත්තාගේ සොහොන උඩ මුණුපුරා කරපු නීතිවිරෝධී ජාවාරමක්

සිය මුත්තාගේ සොහොන් කොත උඩ අනවසර මත්පැන් පෙරන ලද මුණුබුරකු රත්නපුර සුරාබදු කාර්යාලයයේ නිලධාරීන් ඉකුත් ‍පොහොය දා (03) ඇහැලියගොඩ, තලාවිටිය ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇහැලියගොඩ, තලාවිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩමක් ආසන්නයේ මෙම සොහොන් කොත පිහිටා ඇත. මෙම පුද්ගලයා ‍පොහොය දිනයේ සොහොන් කොත උඩ කොටසේ ජලය පුරවා අනවසර මත්පැන් සකසා ඇත.

ගෝඩා මිලි ලීටර් 150,000 ක්ද, ස්පී්‍රතු මිලි ලීටර් 4750 ක්ද සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙරදීද මෙම පුද්ගලයා අනවසර මත්පැන් සකස් කිරීම නිසා සුරා බදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සහකාර සුරාබදු කොමසාරිස් බි.යූ. වික්‍රමරත්න, සුරාබදු නිලධාරී තිස්ස ගුණරත්න, රත්නපුර සුරාබදු ස්ථානාධිපති කේ.පුෂ්ප කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත සුරාබදු පරීක්ෂක අජිත් පුෂ්ප කුමාර, සුරාබදු නිලධාරී ලෝචන තෙන්නකෝන්, සමිත කුරුප්පු, කසුන් හේවගේ, කල්හාර, සුරාබදු රියැදුරු සුපුන් කුමාර යන මහත්වරුන් මෙම වැටලීම සිදුකරන ලදී.