ලිපි පුවත්

අමරදේවයන් නික්‌ම ගොස්‌ අදට වසරයි

සඳතරු නිහඬයි ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක්‌ අවදිවෙලා
ඈත කඳුකර හිමව් අරණේ

සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ.

ඒ නම ඒ හඬ සදාකාලිකය කිසිදා මැකී නොයයි. හමන සුළං රැල් ඔස්‌සේ පවා පාව එන්නේ ඔහුගේ නමය ඔහුගේ හඬය.

අවුරුද්දකට කලින් හරියටම අද වැනි දිනක පණ්‌ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ජීවිතයෙන් සමුගත්තේය. ඒ වියෝව අපේ සංගීතයට දරා ගන්නට බැරි තරම්ය.

මවා නුවන් ඔබ ඔබේ තෙපුල්සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා

අද අප අමරදේවයන් නමින් හඳුන්වන වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට්‌ පෙරේරා උපන්නේ 1925 දෙසැම්බර් 05 දා. මොරටුව කොරළවැල්ලේ. පියා ගිනෝරිස්‌ පෙරේරා. වඩු කාර්මිකයෙක්‌. බෞද්ධයෙක්‌. මව් මැගී වෙස්‌ලිනා මෙන්ඩිස්‌. ක්‍රිස්‌තියානි මෙතෝදිස්‌ත පවුලේ හත්වැන්නා ඇල්බට්‌. පියා සමග පන්සල් යන කුඩා ඇල්බට්‌ මව සමඟ පල්ලියට ද ගියේය. පන්සලේ දොරකඩඅස්‌න කියූ ඔහු පල්ලියේ ගීතිකා කණ්‌ඩායමේද සාමාජිකයකු විය. පියා වයලීන අලුත්වැඩියා කළේය. ඒ වයලීන අතපත ගාන පුංචි ඇල්බට්‌ වයලීනයට පෙම් බඳින්නට පටන් ගත්තේය. මව ගීතිකා ගයද්දී පුතා වයලීනය වැයුවේය. මේ දස්‌කම දුටු පියා හත්වැනි උපන් දිනයේදී පුතාට වයලීනයක්‌ තෑගි කළේය.

කොරළවැල්ල ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලේ ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේය. විදුහල්පති කේ. ෙ-. ප්‍රනාන්දු හෙළ හවුලේ සක්‍රීය දායකයෙකි. කුමාරතුංග මුනිදාසයන්ගේ සමීපතමයෙකි. ඇල්බට්‌… නැතිනම් අමරදේවගේ දස්‌කම් දුටු විදුහල්පතිවරයා කුමාරතුංග මුනිදාසයන්ට ඔහු හඳුන්වා දුන්නේය. තරුණ අමරදේවට සුනිල් ශාන්තයන් හමුවිය. ඔහු අමරදේවගේ හඬ පරීක්‍ෂණයක්‌ කළේය. ඒ දස්‌කම් පෙන්වූයේ සුනිල්ශාන්ත, ඒ. ෙ-. රණසිංහ සහ චිත්‍රසේන ඉදිරිපිටදීය. ඉන්පසු අසෝකමාලා චිත්‍රපටයට එක්‌වන්නට අමරදේවට හැකි විය.

ඇයි කළේ යමෙකු ආලේ
මේ ලෝකේ මායාකාරීය
ඇයි කළේ යමෙකු ආලේ

අමරදේව ගායනයෙන් පමණක්‌ නොවේ රංගනයෙන් ද ‘අසෝකමාලා’ හැඩ කළේය. කරදිය, නළදමයන්ති මුද්‍ර නාට්‍ය මෙන්ම රන්මුතුදූව, ගම්පෙරළිය, රන්සළු, දෙළොවක්‌ අතර, ගැටවරයෝ, රෑණ ගිරව්, වැනි චිත්‍රපට රැසකට ද දායක විය.

පිලිපීනයේ රැමොන් මැග්සේසේ, ඉන්දියාවේ පද්මශ්‍රී යන ඉහළම සම්මානවලින් පුදලත් අමරදේවයෝ ජීවිතයෙන් සමුගන්නා තුරු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දැරුවේය.

සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක්‌ අවදිවෙලා

හෙළ සංගීතය නමැති තටාකයේ සුපුෂ්පිත කුසුමක්‌ වූ අමරදේවයෝ සුභාවිත ගීයෙන් දැයක්‌ සුගන්ධවත් කළහ. ඒ සුවඳ තවමත් දැනේ මැකී ගොස්‌ නැත.

බටහිර අහස රතු සිත්තම් මැවුනාවේ
දෙනිපෙත හඬන හිරියා මල් පිපුනාවේ
මා ආදරය කළ වග නොම හැඳුනාවේ
මා නැති කලෙක උන් සුවඳක්‌ දැනුනාවේ

අද ඔහු වෙනුවෙන් සංගීත අසපුවක්‌ හැදේ. මතු පරපුරට ශාස්‌ත්‍රය දායාද කිරීම අමරදේවයන්ගේ පරම අභිලාෂය විය. අමරදේව සංගීත අසපුව ඒ අභිලාෂය සාක්‌ෂාත් කරලීමට තෝතැන්නක්‌ වනු ඇත.

මා මළ පසු සොහොන් කොතේ
දුක්‌ ගීයක්‌ ලියනු මැනවි
නන්නාදුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනවි
දුක්‌ ගීයක්‌ ලියනු මැනවි.අමරදේවයන් නික්‌ම ගොස්‌ අදට වසරයි

සඳතරු නිහඬයි ගහ කොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක්‌ අවදිවෙලා

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ……

ඒ නම ඒ හඬ සදාකාලිකය කිසිදා මැකී නොයයි. හමන සුළං රැල් ඔස්‌සේ පවා පාව එන්නේ ඔහුගේ නමය ඔහුගේ හඬය.

අවුරුද්දකට කලින් හරියටම අද වැනි දිනක පණ්‌ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ජීවිතයෙන් සමුගත්තේය. ඒ වියෝව අපේ සංගීතයට දරා ගන්නට බැරි තරම්ය.

මවා නුවන් ඔබ ඔබේ තෙපුල්සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා

ඇයි කළේ යමෙකු ආලේ
මේ ලෝකේ මායාකාරීය
ඇයි කළේ යමෙකු ආලේ

අමරදේව ගායනයෙන් පමණක්‌ නොවේ රංගනයෙන් ද ‘අසෝකමාලා’ හැඩ කළේය. කරදිය, නළදමයන්ති මුද්‍රd නාට්‍ය මෙන්ම රන්මුතුදූව, ගම්පෙරළිය, රන්සළු, දෙළොවක්‌ අතර, ගැටවරයෝ, රෑණ ගිරව්, වැනි චිත්‍රපට රැසකට ද දායක විය.

පිලිපීනයේ රැමොන් මැග්සේසේ, ඉන්දියාවේ පද්මශ්‍රී යන ඉහළම සම්මානවලින් පුදලත් අමරදේවයෝ ජීවිතයෙන් සමුගන්නා තුරු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දැරුවේය.

සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක්‌ අවදිවෙලා

හෙළ සංගීතය නමැති තටාකයේ සුපුෂ්පිත කුසුමක්‌ වූ අමරදේවයෝ සුභාවිත ගීයෙන් දැයක්‌ සුගන්ධවත් කළහ. ඒ සුවඳ තවමත් දැනේ මැකී ගොස්‌ නැත.

බටහිර අහස රතු සිත්තම් මැවුනාවේ
දෙනිපෙත හඬන හිරියා මල් පිපුනාවේ
මා ආදරය කළ වග නොම හැඳුනාවේ
මා නැති කලෙක උන් සුවඳක්‌ දැනුනාවේ

අද ඔහු වෙනුවෙන් සංගීත අසපුවක්‌ හැදේ. මතු පරපුරට ශාස්‌ත්‍රය දායාද කිරීම අමරදේවයන්ගේ පරම අභිලාෂය විය. අමරදේව සංගීත අසපුව ඒ අභිලාෂය සාක්‌ෂාත් කරලීමට තෝතැන්නක්‌ වනු ඇත.

මා මළ පසු සොහොන් කොතේ
දුක්‌ ගීයක්‌ ලියනු මැනවි
නන්නාදුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනවි
දුක්‌ ගීයක්‌ ලියනු මැනවි.