ලිපි පුවත්

රාජගිරියේ පදිංචි මොහොමඩ් චන්දානන්ද නමින් පැවිදි වීමේ කතාව

රාජගිරියේ පදිංචි මොහොමඩ් ෂුවේර් ඉසඩ් පියාගේ හා සිත්තා සීමතී ෂුවේර් මෑණියන්ගේ ආදරණීය එකම පුතු මොහොමඩ් ෂමීඩ් ඉසඩ් දරුවා 2017/10/27 දින උදෑසන 6:45 ට රාජගිරියේ චන්දානන්ද නමින් මා ගුරුදේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් විය.අම්මයි තාත්තයි පුතයි තුන් දෙනා ම මුස්ලිම් ජාතිකයෝ. බුදු දහම කෙරෙහි අප්‍රමාණව පැහැදීමට පත් උනා. ඉතා පැහැදිලිව ඔහුනට අවබෝධ කරවනු ලැබූයේ බෞද්ධ භික්ෂූන් යනු අන්‍ය ආගමිකයන්ට හා ජාතිකයන්ට කරදර හිරිහැර කරන පිරිසක් නොව. එසේ ආවේගයෙන් මෙන් හඩ නගා සමාජය ආමන්ත්‍රණය කරන්නේ අන්තවාදී මුස්ලිම් හා ව්‍යාප්තවාදී කතෝලික ආගමික කණ්ඩායම් විසින් සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය මිනිසුන් අතර වෛරය ඇතිකිරීමට ගන්නා ලජ්ජිත උත්සහය හෙළා දැකීමට හා ඔහුන්ගේ ක්‍රියාවන් සමාජය ඉදිරියේ නිරුවත් කිරීමට බවත් ය. අන්‍ය ආගමික ජාතික මිනිසුන් සමග වෛරයක් ඊර්ෂ්‍යාවක් කුහකකමක් නැ. ඇත්තේ සාමකාමී සමාජය අවුල් ජාලයක් බවට පත් කරන අන්තවාදීන්ගේ හා ආගමික ව්‍යාප්තවාදීන්ගේ ක්‍රියාවන් පිළිබද ගැටලුවක් පමණි.

Loading...

උතුරේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන් නියගයෙන් පිඩා විදින විට ජල බෝතලය බෙදා දීමට නිර්ණායකය ලෙස ජාතිය හෝ කුලය නොව සැලකිල්ලට ගත්තේ පිපාසයම පමණකි. දකුණට ගංවතුර ගලන විට වියලි ආහර හා සනීපාර්ක්ෂක උපාංග බෙදා දීමෙදී නිර්ණායකය ලෙස ජාතිය ආගම නොසැලකු බවත් සැලකිල්ලට ගත්තේ ජලයෙන් පිඩා විදින මිනිසුන්ය.

බුදු දහම කෙරෙහි පැහැදීමට පත් රාජගිරියේ චන්දානන්ද පොඩි හාමුදුරුවන්ගේ පියාණන් වන මොහොමඩ් ෂුවේර් ඉසෙඩ් හා මැණියන් සිත්තා සීමතී දෙපළ එකතුව තම කුසින් වැදූ එකම දරුවා සසුනට පූජා කළා. අද එම ඉස්ලාම් දරුවා බුදු සෙවනේ පහස ලබමින් බුදු දහම හා සිංහල සංකෘතිය ඉගෙන ගනිමින් සිටී. ඔහු අනාගතයේ ජිහාඩ්, අල්කයිඩා , ISIS, රොහින්‍යා ආදී ආගමික අන්තවාදී ත්‍රස්ථ කණ්ඩායම් ඉදිරියට සාමයේ පණිවිඩය ගෙන යනු දැකීම එකම ප්‍රාර්ථනයයි.

Loading...

උපුටා ගැනීමක්

Related Posts