ගොසිප්

කොල්ලුපිටියේ පදිංචි කෙනෙක්ට කරන්න ගිය වැඩෙන් බම්බලපිටියේ ග්‍රාම සේවකට වෙච්ච දේ

කොල්ලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට ජාතික හැඳුනුම්පතක් සාදා ගැනීම සඳහා ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට රු. 20,000ක අල්ලසක් ලබා ගනිද්දී ග්‍රාම නිලධාරිවරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඊයේ (23දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා කීය.

Loading...

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බම්බලපිටිය ග්‍රාම නිලධාරිවරයා සහ තවත් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 5,000ක් ලබාගෙන ඉතිරි රු. 20,000 මුදල කොල්ලුපිටිය ග්‍රාම නිලධාරි කාර්යාලය තුළදී ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ග්‍රාම නිලධාරිවරයා මේ දිනවල කොල්ලුපිටිය ග්‍රාම නිලධාරි වසමේද රාජකාරි ආවරණය කරන බවත්, එලෙස කොල්ලුපිටිය වසමේ රාජකාරි සඳහා පැමිණි අවස්ථාවක මෙලෙස අල්ලස් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බවත් පොලිස් අධිකාරිවරයා කීය.

සැකකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

Related Posts