ගොසිප්

ලක්ෂ 24 ක් – කවුද සල්ලි එපා කියන්නේ ? මෙහෙම අය නම් අද කාලේ හොයාගන්නත් අමාරුයි

ලංකා බැංකුවේ බොරැල්ල ශාඛාවේ තිබූ ඇගේ ඉතිරි කිරීමේ බැංකු ගිණුමට මීට මාස දෙකකට පමණ පෙර රුපියල් ලක්ෂ 12ක් බැරවී ඇති බවට ඇගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබී ඇත.ඇය ඒ පිළිබඳ විමසීමට බැංකුව වෙත යාමට සූදානම්ව සිටියදී තවත් වරක් යළි රුපියල් ලක්ෂ 12ක් බැරවී ඇතිබවට කෙටි පණිවුඩයක් ලැබී තිබේ.

Loading...

ඇය ඊට දින කිහිපයකට පසු බැංකුව වෙත ගොස් එහි කළමනාකරු හමුවී ඇගේ බැංකු ගිණුමේ කොතරම් මුදලක් තිබේද යන්න පරීක්ෂා කර ඇත. ඒ අවස්ථාවේ කළමනාකරු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 24ක් බැර වී ඇති බවයි.එම මුදල් ආපසු ගන්නවාද කියා කළමනාකරු ඇගෙන් විමසා ඇත.

එම මුදල් තමාගේ නොවන බවත් මාසයක පමණ කාලයක සිට අවස්ථා දෙකකදී ලක්ෂ 12 බැගින් ගිණුමට බැරවී ඇත්තේ කෙසේද යන්න සොයාගැනීමට ඇය පැමිණි බවත් ප්‍රකාශ කර තිබේ.පසුව එම බැංකුවේ මුදල් අයකැමි අංශයේ නිලධාරිණියක් කැඳවා පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙනත් පුද්ගලයන්ට බැර කළ යුතු මුදල් මෙම ප්‍රේමලතා මහත්මියගේ ගිණුමට බැර වී ඇති බවයි.

එම මුදල් පිළිබඳ ප්‍රේමලතා මහත්මිය බැංකුවට පැමිණ විමසන තෙක් බැංකු නිලධාරීන් ඒ පිළිබඳ නොදැන සිට ඇත.මෙම බන්ධනාගාර නිලධාරිණියගේ අවංකභාවය අගයමින් බොරැල්ල ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු විසින් ඇයගේ සද්ක්‍රියාව අගයමින් ලිපියක්ද ලබාදී තිබේ.

Loading...

අංක 69 තෝමස් චොංගම මුල්ලේරියාව අංගොඩ පදිංචි එස්.ඒ. ප්‍රේමලතා මහත්මිය දරු තිදෙනකුගේ මවකි. ඇය විවාහ වී ඇත්තේද බන්ධනාගාර නියාමකවරයකු සමඟින්ය. ඇය වසර 40ක කාලයක් බන්ධනාගාර නියාමකවරියක ලෙස කටයුතු තිබේ. දිවා රෑ නොබලා එවන් සේවයක් කර තිබුණත් එම වසර හතළිහක කාලයකටම ඇයට උසස්වීමක් ලැබී නොමැත. ඇයට උසස්වීමක් වන සැරයන් තනතුර ලැබී ඇත්තේ ඇය විශ්‍රාම ගිය දිනයේ බවද ඇය පවසා සිටියාය.

Related Posts