එකම රැකියාවට ගොස් එකටම උසස්වීම් ලැබූ බන්ධනාගාරේ නිවුන් සොහොයුරෝ

1672

දියණියන්ම තුන්දෙනෙකු උපන් පවුලට පුතෙකු ලැබෙනතුරු සෝමාවතී වික‍්‍රමනායකත් ඩැනියල් ජයසිංහත් බලා සිටියේ ආසාවෙනි. ඔවුන්ගේ ඒ ආසාව ඉටු වූයේ නොසිතු ලෙස ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරමිනි. එක් පුතෙකු දෝතට ගන්නට පෙරුම් පිරූ ඔවුන්ට එකවර පුතුන් දෙදෙනෙකුම දෑතට ලැබුණි. විනාඩි පහක වෙනසකින් ජයසිංහ පවුලේ හතරවැනි හා පස්වැනි තැන් ලැබූ ඔවුහු ගාමිණී ජයසිංහ හා තිස්ස ජයසිංහ වූහ.

එකම හිනාව, එකම බැල්ම, එකම පෙනුම ගෙන උපන් ගාමිණී හා තිස්ස වසරින් වසර ලොකු වෙද්දී වෙන් වෙන්ව හඳුනාගැනීමට බොහෝ දෙනකුට අපහසු විය. ඒත් ඔවුන් දෙන්නා වෙන් වෙන්ව හඳුනා ගැනීමට විශේෂ හැකියාවක් අම්මාට අප්ප්ච්චීට හා අක්කලාට තිබුණේය. නමුදු නංගීට මල්ලිට නම් සමහර අවස්ථාවල ගාමිණී හා තිස්ස එකවරම හඳුනාගන්නට නොහැකි වූ නිසාම ඔවුන් දෙදෙනාට වාසියක්ද විය. ඒ ඔවුන්ට දඟකාරකමක් කර අම්මා අප්පච්චිගේ ගුටියෙන් බේරෙන්නට හැකිවීමෙනි. වරද කළේ කවුදැයි නංගිට මල්ලිට හඳුනාගන්නට බැරිවීමෙන් අවසානයේ වරද කළ කෙනා සොයාගන්නට බැරිවෙයි.

”අපි දෙන්නා ඉස්කෝලෙදිත් ඒ වගේ දඟයි. හැබැයි ගෙදරින් ගුටි කෑවෙ නෑ වගේම ඉස්කෝලෙත් දඟවැඩ කරලා දඬුවම් විඳපු වාර අඩුයි. ඇයි කවුද කළේ කියලා අඳුරගන්න බෑනේ. දවසක් ග‍්‍රවුන්ඞ් එකේ පොඩි ළමයි සෙල්ලම් කරනවා. අපි ගිහින් ළමයිට සෙල්ලම් කරන්න දෙන්නෙ නැතුව පොඞ්ඩක් කොලොප්පම් කරලා එයාලගෙ බෝලෙ ගත්තා. ඒක කළේ මම හරි අයියා හරි දෙන්නගෙන් එක්කෙනෙක්. අන්තිමට සිද්ධිය විනය පාලක ළඟටම ගියා. අපි 12 දෙනෙක් විතර ගෙන්නලා පෝලිමට හිටවලා පොඩි අයට කිව්වා බෝලෙ ගත්ත කෙනා පෙන්නන්න කියලා. සමහරු මාව පෙන්නනවා. සමහරු අයියා පෙන්නනවා. ඉතින් කාටද දඬුවම් කරන්නේ? එදා අපි හැමෝම දඬුවමින් බේරුණා. ඒ වගේ අපි දෙන්නා වෙන වෙනම අඳුරගන්න බැරුව ඉස්කෝලේ වෙච්ච සිද්ධි තියෙනවා. ඒ වගේමයි ඉතින් ඉස්කෝලෙන් දඬුවම් විඳපු අවස්ථාත් තියෙනවා”

තිස්ස ජසිංහ අවුරුදු ගානකට එහා මතක පොත පෙරළුවේය.
ගාමිණී සහ තිස්ස ඉගෙනුම ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. එකම පාසලේ එකම පන්තියේ එකම ළඟ පුටු දෙකක ඉඳගෙන ඔවුහු එකට ඉගෙන ගත්හ. ඒ අවදියේ ජීවිතයට දිනා ගත් දේ දිනා ගත්තේ ද එකටය. ඔවුන් දෙදෙනාම පාසලේ ශිෂ්‍ය නායකයින්ය. ඉගෙනුමට සේම දෙදෙනා කුඩා අවදියේ පටන් ක‍්‍රීඩාවට අසීමිතව දස්කම් දැක්වූහ. ඒ නිසා පන්තියේ වාගේම පිට්ටනියේත් ගාමිණීගේ හා තිස්සගේ මුහුණු නිතර පෙනුණේය. ඒ මුහුණු දෙක ඉන් පසු නුවර වෙනත් පාසල්වල පිට්ටනිවලද දකින්නට ලැබුණේ ඒ පාසල් හා තරඟ වැදුණු ධර්මරාජයේ හොකී කණ්ඩායමේ ඔවුන් දක්ෂ ක‍්‍රීඩකයන් වූ නිසාය.

”අවුරුදු අටෙන් පස්සෙ අපි දෙන්නම ධර්මරාජ විද්‍යාලෙ හොකී කණ්ඩායමට එකතු වෙනවා. මම හොකී කණ්ඩායමේ නායකත්වයත් දැරුවා. මලල ක‍්‍රීඩාවටත්, පාපන්දු වලටත් දෙන්නම එක වගේ දක්ෂයි. 78, අවුරුද්දෙ අපි දෙන්නා පාසලේ විශිෂ්ට ක‍්‍රීඩකයො වුණා. ඒ වගේම 78,79, 80, අවුරුදුවල අපි දෙන්නට හොකීවලටත් පාපන්දු වලටත් පාසල් වර්ණ ලැබුණා. ඒ වෙනකොටත් අපි ජාතික පාසල් හොකී කණ්ඩායම නියෝජනය කරනවා.” 

ගාමිණී ජයසිංහගේ කතාව කියන්නේ හොකී ක‍්‍රීඩාවෙන් ඔවුන් පාසලේ බැබළෙන නමක් තබා ඇති බවයි.
”ඒ ලෙවල් කරද්දී වතාවක් බෝගම්බර පිට්ටනියෙ හොකී තරගාවලියකට අපි දෙන්නා කණ්ඩායම් දෙකකින් සෙල්ලම් කළා. අයියා හිටපු කණ්ඩායම පැරදුණා. මම හිටපු කණ්ඩායම අවසන් වටයට ආවා. ඊළඟට සෙල්ලම් කරන වෙලාවේ මට යායුතුම රසායන විද්‍යා පන්තියක් තිබ්බා. මම වෙනුවට මගේ කණ්ඩායමෙන් අයියට මැච් එක ගහන්න කියලා මම පන්තියට ගිහින් ආවා. කවුරුත් අඳුරගෙන තිබ්බෙ නෑ. අයියා මගේ කණ්ඩායමට සෙල්ලම් කරලා තිබ්බා.”

එවන් තරඟ අවස්ථාවක කළ පුංචි ප‍්‍රයෝගකාරී සිද්ධියක් ගැනත් තිස්ස ජයසිංහට මතක් වුණේය. දෙදෙනාගේම පාසල් වියේ දී අරමුණ වූයේ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු වීමයි. ඒ නිසාම දෙදෙනාම උසස් පෙළට තෝරා ගත්තේ විද්‍යා අංශයයි.

”පළවෙනි වතාවෙ විභාග ප‍්‍රතිඵලවල පුංචි මදිකමක් තිබ්බා විශ්වවිද්‍යාලෙ යන්න. ඒ නිසා දෙවැනි වතාවටත් ලිව්වා. ඒ අතරෙ අපි දෙන්නා තිබුණු හැම රැුකියා අවස්ථාවකටම ඉල්ලූම් කළා. ඒ වගේ ඉල්ලූම් කළ යුද හමුදාවෙ කැඩෙට් නිලධාරි තනතුරට මාව තේරුණා. මල්ලිට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. මාව රැුකියාවට තේරුණත් අන්තිමට මට රැුකියාව ලැබෙන්නෙ නෑ. දේශපාලන හේතුවක් නිසා ඒ අවස්ථාව අහිමි වෙනවා.”

එදා පැවති දේශපාලනය නිසා ගාමිණී ජයසිංහට ලද යුද හමුදා කැඩෙට් නිලධාරී තනතුර අහිමිව ගිය අතර තිස්ස ජයසිංහටත් එවැනිම රැුකියා අවස්ථාවක් ලැබුණේය. ඒ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරී තනතුරකි. නමුත් අතට ලැබුණ ඒ රැුකියා අවස්ථාව තිස්ස බාර ගත්තේ නැත. ඒ වන විටත් ගාමිණීට හා තිස්සට තවත් රැුකියා අවස්ථාවක් අතවනමින් තිබුණේය. ඒ බන්ධනාගාර දෙවන පෙළ ජේලර් නිලධාරී තනතුරයි. ඒ අනුව 81 වසරේදී ජයසිංහ ආරච්චිගේ ගාමිණී ජයසිංහ සහ ජයසිංහ ආරච්චිගේ තිස්ස ජයසිංහ නිවුන් සොයුරෝ වයස අවුරුදු විසි තුනේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූහ.

එකට ඉපදී, එකට පාසල් ගොස්, එකට විභාග වලට ලියා එකටම රැුකියාවට එනතුරු ජීවිතයේ සෑම සිදුවීමක්ම එතෙක් එකට කළ ගාමිණීට සහ තිස්සට රැුකියාව ලැබීමෙන් පසු ඒ එකටම යෑම ම`දක් වෙනස් වුණේය. ඒ දෙවැනි පෙළ ජේලර්වරයකු ලෙසින් රැුකියාවට එක්වීමත් සමගම ගාමිණී වැලිකඩ බන්ධනාගාරයේත් තිස්ස කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් සේවයට අනුයුක්ත වීමෙනි. තැන් දෙකක හිටියත් විවේක වෙලාවන්වල වෙනදා සේම ඔවුහු හමුවූහ.

”83 ජූලි මාසෙ කනත්තෙ සිද්ධියෙන් පස්සෙ ඊට පහුවදා බන්ධනාගාරය ඇතුළෙත් කැරැුල්ලක් ඇතිවුණා. කුට්ටුමනි, ෆාදර් සිංතියලාහරාසා, මහේෂ්වරන් ඇතුළු දෙමළ එල්.ටී.ටී.ඊ. සංවිධානෙට සම්බන්ධ හුඟක් වැලිකඩ හිටියා.

කැරැුල්ල ඇතිවුණේ සිංහල සිරකරුවන් හා ද්‍රවිඩ සිරකරුවන් අතරයි. අපි පුළුවන් තරම් උත්සාහ කරලා කැරැුල්ල මැ`ඩ පැවැත්තුවා. ඒත් 53 දෙනෙක් මැරුණා. ඒ අතරෙ කුට්ටුමනිත් හිටියා. කූට්ටුමනී හැම නිලධාරියෙක් එක්කම හොඳ මිනිහෙක් වෙලා හිටියා. එ් දවස්වල කොණ්ඩෙ ඉදුණ නිලධාරියෙක් දැක්කොත් කුට්ටුමනී නිතර කියන බෙහෙතක් තිබ්බා. පොල්තෙල්වලට කරපිංචා දාල මාස ගාණක් තියලා කොණ්ඩෙ ගාලා බලන්න කියනවා, මොනවද වෙන්නෙ කියලා. ඒ කැරැුලක් ඇතිවෙලා අවුරුදු අටකට පස්සෙ 89 තව කැරැුල්ලක් ඇතිවෙනවා. ඒ 89 රටේ ඇතිවුණ දේශපාලන තත්ත්වය සිර ගෙදරටත් බලපාලා හිරකරුවන් ගිනි තියලා ලොකු තත්ත්වයක් ඇතිවෙනවා. ඔය කැරැුල්ල මැ`ඩ පවත්වන්නත් මා ක‍්‍රියාකළා. ඒ අවස්ථාවේ මා කළ සේවයට අමතර වැටුපක් සහ විශේෂ ප‍්‍රශාංසාවකුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මට ලැබුණා”

ගාමිණීගේ වෘත්තීය ජීවිතයට එවන් අත්දැකීම් එකතුවෙද්දී තිස්සටත් ඒ හා සමානම අත්දැකීමකට රිමාන්ඞ් බන්ධනාගාරයේ දී මුහුණ දෙන්නට සිදුවුණේය. ඒ 1989 වසරේ රිමාන්ඞ් බන්ධනාගාරයේ ය.

”89 කැරැුල්ල ඇතිවෙන්නේ වැලිකඩ බන්ධනාගාරෙ. කට්ටිය මේ පැත්තට තාප්පෙ කඩාගෙන එන්න හදනවා. මේ දෙක වෙන්වෙලා තියෙන්නෙ එක තාප්පෙන්නෙ. වැලිකඩ සිද්ධිය මැ`ඩ පවත්වන්න ඒ පැත්තට කඳුළු ගෑස් ගහනකොට රිමාන්ඞ් බන්ධනාගාරෙ පැත්තටත් කඳුළු ගෑස් වැදුණා. ඒකෙන් මේ පැත්තෙ අයත් කලබල වෙලා ඇවිස්සුණා. මමත් තව අපේ නිලධාරිනුත් ඇතුළට ගියා මේ අයට වතුර දෙන්න. ඇතුළෙ දරුණු අය හිටියා. මේ කට්ටිය අපේ අයට ගල් ගහන්න ගත්තා. නිලධාරින් එතනින් එළියට පැන ගත්තත් මම ඇතුළෙ හිරවුණා.

කොහොමහරි එතනින් පැනගත්තා. එදා ඒ ගල් පාරක් මගෙ නිකටටත් වැදුණා. මැහුම් හතරක් දැම්මා”
තිස්ස ජයසිංහගේ නිකටෙහි ඒ ගල්පාරේ සලකුණ තවමත් පෙනෙන්නට ඇත. එහි වසර ගණනක් සේවය කළ තිස්ස ජයසිංහ 84 වසරේ පැලවත්ත කඳවුරේත්, 88 වසරේ බූස්ස කඳවුරේත් වැඩ බලන ප‍්‍රධාන ජේලර් ලෙස කටයුතු කළේය ඉන්පසු කෑගල්ලෙ බන්ධනාගාරයට අනුයුක්ත වුණේය. වසරක් කෑගල්ලේ සිටි ඔහු ඉන්පසු යන්නේ බෝගම්බර සිරකඳවුරටයි. කොතැනත් ඇත්තේ එකම රාජකාරිය වුවත් ඔහුට එයින් එක් වාසියක් ලැබුණේය. ඒ උපන් නිවසේ සිට වැඩට යන්නට එන්නට ලැබීමයි.

”නුවර ගියාට පස්සෙ හොකී පැත්තෙන් ගොඩක් වැඩ කළා. ධර්මරාජ විද්‍යාලයේත් පුෂ්පදාන විද්‍යාලයේත් හොකී කණ්ඩායම් පුහුණුකරු විදිහටත් මහනුවර දිස්ත‍්‍රික් පාසල් හොකී කණ්ඩායම් පුහුණුකරු හැටියටත් කටයුතු කළා. මහනුවර හොකී සංගමයේ සභාපති, මහනුවර ක‍්‍රිකට් සංගමයෙ උප සභාපති හැටියට කටයුතු කළා. දැන් මහනුවර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ලෙස කටයුතු කරනවා. මේ සියල්ල අතරේ බන්ධනාගාරයට සම්බන්ධවීමත් සමග බන්ධනාගාර පාපන්දු හා ක‍්‍රිකට් කණ්ඩායමත් රාජ්‍ය සේවා පාපන්දු හා ක‍්‍රිකට් කණ්ඩායමත් මම නියෝජනය කළා.”

තිස්ස ජයසිංහ ගමට ගොස් රාජකාරිය සමග එවන් සේවයන්ටද සම්බන්ධ වෙද්දී ගාමිණී ජයසිංහ කොළඹ සිට ඔහුගේ ගමන් මග සකසා ගත්තේය. ඔහුද රාජ්‍ය සේවා හොකී කණ්ඩායමට සම්බන්ධ වී එහි නායකත්වයද දැරුවේය.
එමෙන්ම බන්ධනාගාර හොකී කණ්ඩායමට සම්බන්ධ වී එහි නායකත්වය ද දැරූ අතර බන්ධනාගාරයේ ක‍්‍රිකට් සහ පාපන්දු කණ්ඩායම් නායකත්වය දරමින් බන්ධනාගාර ටෙනිස් කණ්ඩායමද නියෝජනය කළේය.

”89 මලල ක‍්‍රීඩා තරගාවලියේ දක්ෂතම මලල ක‍්‍රීඩකයා මමයි. 85/86 ශ‍්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම නියෝජනය කළා. 90 අවුරුද්ද වෙද්දි ජාතික හොකී සම්මේලනයේ ලේකම් වුණා. ජාත්‍යන්තර හොකී විනිසුරුවරයකු වශයෙන් හා තීරකවරයකු වශයෙන් රටවල් ගණනාවක් නියෝජනය කළා.

ඒ අතරෙ 98 දි ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙක්, 2002 ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික වුණා. 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේත් 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියෙත්, 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේත් කණ්ඩායම් භාර නිලධාරි වුණා. 2010 ආසියානු ක‍්‍රීඩා තරගාවලියෙත් 2012 ආසියානු ක‍්‍රීඩා තරගාවලියේත් තරග තීරක වුණේ මම. 2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන කළමනාකාර වුණා. 2018 පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධානියා ලෙස සහභාගි වෙන්නත් අවස්ථාව ලැබී තියෙනවා.”

එදා පටන් අද දක්වා ගාමිණී ජයසිංහ ක‍්‍රීඩාවෙන් පැමිණ ඇති දුර බොහෝය. ඒ වගේ තිස්ස මෙන්ම ඔහුද ලබාගෙන ඇති ජයග‍්‍රහණද බොහෝය. ක‍්‍රීඩාවෙන් ගමන් මග සකසා ගනිමින් සිටි ගාමිණී පාසලින් නතර කළ අධ්‍යාපනයද ඇරඹුවේය. ඒ 92 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධිය හැදැරීමෙනි.

”94 අවුරුද්දේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවත් 2005 වසරේ කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධියත් සම්පූර්ණ කරනවා. ඊට පස්සෙ කාලෙ පරිගණක ඩිප්ලෝමා පාඨමාලා,ඉංග‍්‍රීසි උසස් ඩිප්ලෝමා පාඨමාලා සහ මානව සම්පත් කළමනාකරණ පාඨමාලා කීපයක්ම හැදෑරුවා.

ඔහු මෙන්ම තිස්ස ජයසිංහද වෘත්තිය සඳහා අවශ්‍ය ඉගෙනීම් කටයුතු සම්පූර්ණ කළේය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මත්ද්‍රව්‍ය පුහුණු පාඨමාලාව, අපරාධ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව, ඔහු හදාරා අවසන් කළේය. පරිගණක ඩිප්ලෝමා පාඨමාලාවන් කීපයක් ද හැදෑරුවේය.

”ඒ අතරට ඉන්දියාවෙන් ්‍යෂඪ ඒඞ්ස් මුදවා ගැනීම පිළිබඳ පාඨමාලාවක්, ඔස්ටේ‍්‍රලියාවෙන් බන්ධනාගාර පුහුණු පාඨමාලාවත්, සහ ෂී ෂෙල්ස් ඩිප්ලෝමා පුහුණු පාඨමාලාවත් මම සම්පූර්ණ කළා. අයියයි මමයි ඉගෙනීමේ කාලයේ ඉගෙන ගත්ත දේවල් වෙනස් වුණාට අපි දෙන්නටම උසස්වීම් ලැබුණෙ එකට. මම බෝගම්බරදි පළමු පෙළ ජේලර් තනතුරටත් වීරවිල බන්ධනාගාරයේදි ප‍්‍රධාන ජේලර් තනතුරටත් උසස්වීම් ලැබුවා. අයියට මේ උසස්වීම් ලැබුණෙ කොළඹදි”

කොළඹම වසර ගණනක් සිටි ගාමිණී ජයසිංහටත් කොළඹින් පිට ගාල්ලට යන්නට සිදුවුණේය. ඒ සහකාර අධිකාරි තනතුරට උසස්වීම් ලැබීමෙන් අනතුරුවයි.

”ගාල්ල බන්ධනාගාරෙ අවුරුදු හතරක් වැඩ කරලා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරෙට ආවා. ඒ අධිකාරී තනතුරට උසස් වෙලා. ඊට පස්සෙ වැලිකඩ බන්ධනාගාරයේ ප‍්‍රධාන අධිකාරි වෙනවා. මේ කාලෙ මං දඬුවම් විඳින සිරකරුවන් එකතුකරලා සංගීත කණ්ඩායමක් හැදුවා. නැටුම් කණ්ඩායමක් හැදුවා. රඟපාන්න දක්ෂයෝ නාට්‍ය කලාවට යොමු කළා. ඔවුන් රඟපෑ වීරයෝ මරන්න බෑ කියන නාට්‍යය ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලටත් යැව්වා.”

සොහොයුරා තමන් යටතේ සිටින සිරකරුවන්ගේ අනාගත ගමනට එසේ අත්වැල් සපයද්දී තිස්ස වීරවිල ප‍්‍රධාන ජේලර්වරයා ලෙස එහි අක්කර 165ක භූමි භාගයක් වගා කෙරෙව්වේය. ලංකාවේ හැමතැනකටම ඒ එළවළු යවන්නට හැකි වුණේය. ඒ අතරේ තංගල්ල බන්ධනාගාරයේ ද වැඩ බැලූ තිස්ස ජයසිංහ නැවත බෝගම්බරට පැමිණ එතැනින් පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට ගියේය.

”2001 දී මම සහකාර බන්ධනාගා අධිකාරි විදිහට ආයෙත් වීරවිලට ගියා. නැවත වගා කළා. අක්කර 165 වට කරලා අලි වැට මම ගැහුවෙ මේ කාලේ. 2002 තංගල්ල බන්ධනාගාරයේ ඇතිවුණ කැරැුල්ලෙන් පස්සෙ ඒක බාර ගන්න කිව්වා. 2003 ආයේත් පල්ලෙකැලේ අධිකාරි වෙනවා. එහෙත් වගා කළා. මගේ කාලේ තමයි පල්ලෙකැලේ කඳවුරට එල්ටීටීඊ සැකකරුවන් 800ක් ගෙනත් බාර දෙන්නෙත්. 2010 වෙනකල් පල්ලෙකැලේ ඉඳලා බෝගම්බර අධිකාරි විදිහට පත්වෙනවා. මේ කාලේ තමයි නුවර බෝගම්බර සිරගෙදර වහලා පල්ලෙකැලේ නව බෝගම්බර සිරගෙදර හදන්නේ. වහපු බෝගම්බර අවසන් අධිකාරිත් මමයි. නව බෝගම්බර පළමු අධිකාරිත් මමයි. 2014 බන්ධනාගාර කොමසාරිස් වෙලා කොළඹට එනවා. බන්ධනාගාර කොමසාරිස් තනතුර දෙදෙනාටම හිමි වන්නේ එකටය. වෘත්තියේ උසස්වීම් එසේ දෙදෙනාටම එකට ලැබුණත් ජීවිතේ සමහර අවස්ථා වෙනස් වුණේය. 98 වසරේ තිස්ස ජයසිංහ විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරියක වන තුසිතා පුංචිහේවා සමග විවාහ වූ අතර ගාමිණී ජයසිංහ මැණික් ජයසිංහ හා විවාහ වන්නේ ඊටත් වසර ගාණකට පසුවය. තිස්සගේ කැදැල්ලේ පුතුන් දෙදෙනෙකි. ඒ ධර්මරාජ විදුහලේ ඉගෙනගන්නා විභූති සහ හරිඳුයි.

ගාමිණී ජයසිංහ අද බන්ධනාගාර සැපයුම් සහ සේවා විදේශ ශිෂ්‍යත්ව, බන්ධනාගාර කොමසාරිස් බස්නාහිර පළාත් බාරව කටයුතු කරන අතර තිස්ස ජයසිංහ කොමසාරිස් ක‍්‍රියාකාරී සහ බුද්ධි ආරක්ෂණ වශයෙන් ප‍්‍රධාන මූලස්ථානයේ සේවය කරයි.