මියයන්න ගිය ගැබ්බර බැල්ලට කි.මී 350 ක දුර ඇවිත් ජීවිතය දුන් උතුම් මිනිසෙක් – Photo

1111

දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ ‍ගොයම් කපන යන්ත්‍රයකට හසුව ඉදිරිපස පාද සහ පිටුපස පාදයක් කැපී ගිය ගැබ්බර බැල්ලක් පිළිබද සංවේදී පුවතක් පසුගිය දිනවල සමාජ ජාල මාධ්‍ය වාර්තා වුනා. මිය යාමට සිටි මෙම අසරණ සතාට අවශ්‍ය මූලීක ප්‍රතිකාර ලබා දී තිබුනේ සත්ව ප්‍රථිකාර සිදු කරනා ධම්මික බණ්ඩාර අමරසිංහ නම් ඒ ප්‍රදේශයේ තරුණයෙක්.

ඔහු විසින් මෙම ගැබ්බර බැල්ල සොයා ගෙන ගොස් මිය යාමට නොදි ප්‍රථිකාර කර බේරා ගෙන තිබුනා.එම මුලීක ප්‍රථිකාර වලින් පසුව පාද කැපී ගොස් සිටි අසරණ සත්වයා අහංගම පිහිටි Animal SOS ආයතනයට බාරදීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.පාද කැපී අසරණව සිටි බැල්ල වෙනුවෙන්ම පොළොන්නරුවේ සිටි කිලෝමීටර 350ක දුරක් ගෙවාගෙන ඔවුන් මෙලෙස අහංගමට පැමිණ තිබුනා. අසරණ සතෙකුගේ ජීවිතය ‍රැක දීම වෙනුවෙන් මෙලෙස සිය කාලය , ශ්‍රම‍ය හා ධනය වැය කළ උතුම් මිනිසුන් සියලු දෙනාට ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියෙන් දැඩි සේ ප්‍රශංසා ලැබී තිබුනා.එම සිදුවීමේ  ඡායාරූප පහතින් නරඹන්න.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *