ලිපි පුවත්

හෙලිකොප්ටයක් උඩින් යන්නේ මෙහෙමයි

හෙලිකොප්ටරයක් අහසින් යනවා පොළොවේ සිට ඔබත් නිරීක්ෂණය කර ඇතුවාට කිසිදු සැකයක් නැතග මෙහි දී නා නා විධ හෙලිකොප්ටර ඔබ නිරීක්ෂණය කර තිබෙන්නට පුළුවනග සමහරවිට තල දෙකක් තිබෙන හෙලිකොප්ටර ද තල හතරක් ඇති හෙලිකොප්ටර ද වනවාග මේ සියලූ වර්ගවල හෙලිකොප්ටරවලට ඇත්තේ එකම මූලික භෞතික විද්‍යාත්මක පියාසර න්‍යායක්ග වෙනස්වන්නේ එතනින් එහාට වන පාලන ක‍්‍රමවේදයිග හොදයි එහෙම නම් අපි බලමු පියාසර යන්ත‍්‍රයක ඇතිවන මූලික සහ ප‍්‍රධානතම බල පිහිටුම් මොනවා ද කියල

Loading...

ඉදිරිපසට ඇතිවන තෙරපුම් බලයත් Thurst පසුපස දිශාවට ඇතිවන ඇදුම් බලයත් Thurst Dragඉහළ දිශාවට ඇතිවන එසවුම් බලයත් Drag පහළ දිශාවට ඇතිවන බරත් weight මූලිකම පියාසර යන්ත‍්‍රයක් කෙරෙහි බලපානවා ,පියාසර යන්ත‍්‍රයක ඇතිවන ප‍්‍රධානතම බල පිහිටුම්

ඉහළ දිශාවට වන එසවුම් බලය
යම් වස්තුවක් සුළං හෝ වෙනත් තරලයක් තුළින් ගමන් කිරීමේ දී වස්තුව මගින් තරලයේ දිශාව වෙනස් කිරීමේ දී තමයි එසවුම් බලය ඇතිවන්නේග එසවුම් බලය හෙලිකොප්ටරයකට ක‍්‍රම දෙකකට ක‍්‍රියාත්මක වෙනවාග එකක් තමයි පියාසර තටුවල ලබා දී තිබෙන හැඩයෙන් ඔස්සේ එසවුම් බලය ළඟා කරවීමග මෙහි හරස්කඩ දෙස බැලීමේ දී අපට පෙනී යනවා පියාසර තටුවේ ඉහළ හැඩය නිසාල සුළං අංශුවක් වේගයෙන් ඉදිරියේ සිට පියාසර තටුවට ඉහළින් පිටුපස දිශාවට ගමන් කරවන්නට සමත් වන බවත්ල නමුත් තටුවේ යට කොටසින් ගමන් කරන සුළං අංශුවක් ඊට සාපේක්ෂව අඩු වේගයෙන් ගමන්කර තටුව අගදී එකම මොහොතේ අංශු දෙකම හමුවන බවත්ග මේ හේතුව නිසා තටුව ඉහළින් සුළං ධාරාවල වේගය වැඩි නිසා තටුවේ ඉහළ අඩු පීඩන කලාපයක් ඇතිවන අතර ඉන් පහළ කොටසේ වැඩි පීඩන කලාපයකුයි ඇතිවන්නේග මේ පීඩන වෙනස තමයි ඉහළට එසවුම් බලයක් ඇතිකර ඉහළට යානය ගෙනියන්නේග මෙය භෞතික විද්‍යාවේ බර්නූලි මූලධර්මයෙන් මනාව විස්තර වන්නක් වන අතර ගණිතයෙන් ඔප්පු කිරීමටද පුළුවනිග

පියාසර තටුවල හරස්කඩ හැඩයන් නිසා ඉහළ හා පහළ ඇතිවන වෙනස් පීඩන තත්ත්වයන්මෙම එසවුම් බලයට තවත් කරුණු බලපානවාග ඒවා නම් සුළංවල වේගයල සුළංවල ඝනත්වයල පියාසර තටුවේ වර්ගඵලය සහ තිරසට සමාන්තරව තටුවේ පිහිටුමෙන් සාදන කෝණය angle of attract – AOA යන කරුණු ඉන් ප‍්‍රධානයිග හෙලිකෝප්ටරයකට ඇත්තේ ඉහත කී හැඩතලයෙන් යුත් කැරකෙන තල කීපයකිග එසවුම් බලය සෑමවිටම සම්ප‍්‍රයුක්ත සාපේක්ෂ සුළං ප‍්‍රවාහයට ලම්බකව ඇතිවනවා

පෙර මා විස්තර කළ AOA කෝණයල බින්දුවට සමානවූ විට එසවුම් බලයක් ක‍්‍රියා කරන්නේ නැහැග වෙනත් ලෙසකින් කිවොත් තල පොළොවට සමාන්තරව කැරකැවෙන විට යානය ඉහළට යෑමක් සිදු නොවන අතර AOA කෝණය ඍණ අගයක් ගන්නාවිට එනම් කුඩයක හැඩයෙන් තල පහළට නැවී කැරකෙන විට ඍණ එසවුම් බලයකුයි ඇතිවන්නේග :එනම් පහළට බලය ක‍්‍රියාකරයිෆග ප‍්‍රයෝගිකව පොළොවට සමාන්තර වන්නට තටුපිහිටන විටද ඍණ දෙසට එසවුම් බලය ළඟා වෙමිනුයි පවතින්නේග කෙසේ වෙතත් හෙලිකොප්ටරය හැරවීමේ දී ක‍්‍රියා කරන එසවුම් බලය සංකීර්ණ එකක්.මීට අමතරව හෙලිකොප්ටරයට අතිරේක එසවුම් බලයක් ක‍්‍රියා කරනවා.එනම් රොටර තල කැරකෙන විටදී සුළං ධාරා පහළට උත්ක‍්‍රමණය වීම නිසා නිව්ටන්ගේ තුන්වන න්‍යායට අනුකුලව සිදුවන ක‍්‍රියාවට සමාන හා ප‍්‍රතිවිරුද්ධව එසවුම් බලයක් ඇතිවනවා

Loading...

පහළ දිශාවට ඇතිවන බර
මෙහිදී බර යනු මූලිකව හෙලිකොප්ටරයේ බරත් ගමන් කරන්නන් හා රැුගෙන යන බරත් සහ ඉන්ධනවල බරත් වනවාග බොහෝ විට මෙය උපරිම නියත බරක් වනවාග ඊට අමතරව තවත් ‘G’’ කියන බරක් රොටර තලය නිසා පහළට බලපවත්වනවාග සාමන්‍යයෙන් ප‍්‍රධාන තලය පොළොවට සමාන්තරව උඩු ගුවනේ නියත උසකින් කැරකෙනවිට මුළු හෙලිකොප්ටරයම ආනතව යම් කෝණයකින් එක පැත්තකට ඇලකලවිට :මෙයට bank කරනවා කියලයි කියන්නේෆ G- කියන බලය වැඩිවනවාග G- බලය යනු රෝටරය මත ඇතිවන බලය හෙලිකොප්ටරයේ බරෙන්් බෙ¥ විට ලැබෙන අගයයිග නිව්ටන් ගේ පළමුවැනි න්‍යායට අනුව යමින් එසවුම් බලය වැඩිවිය යුතුයිග පහළට ක‍්‍රියා කරන වීජීය බලයට නොහොත් බරට වඩා යානය ඉහළට එසවීමට නම් ප‍්‍රතිවිරුද්ධව සමාන බල ක‍්‍රියාකරයි නම් යානාව නිශ්චලව තියේවිග කෙසේ වෙතත් නියමුවකු ඨ බලය අඩුකරගන්නා ක‍්‍රමවේද පිළිබඳ දැඩිව සැලකිලිමත් විය යුතුයිග

ඉදිරි දිශාවට වන තෙරපුම් බලය
ඉදිරියට ඇදී යන තෙරපුම් බලය ඇතිකිරීමට ප‍්‍රධාන රෝටරයත් වලිග රෝටරයත් :ඒසක රදඑඑැරෆ ඒකාබද්ධව දායකවනවාග ඉස්සරහටත් පිටුපසටත් පැත්තට වගේම තිරස්වත් තෙරපුම්බලය ඇතිකරන්නට මෙම චලන රොටරවලට පුළුවන්ග ප‍්‍රධාන රෝටරයට අදාළව සොලිඩිටි අනුපාතයක් කියලා අගයක් තියනවා සෑම හෙලිකොප්ටරයකටමග සොලිඩිටි අනුපාතය සොයන්නේ ප‍්‍රධාන රොටර තලවල මුළු වර්ගඵලයට රොටර ඩිස්ක් එකට ඇති වර්ගඵලයට දක්වන අනුපාතයනුයිග නියමුවාට මෙය එතරම් අදාළත්වයක් ප‍්‍රායෝගිකව නැතිවුණත් බොහෝ අනතුරුවලට බලපාන්නේ හෙලිකොප්ටරයට දැරීමට හැකි උපරිම තෙරපුම් බලය අභිභවා පැදවීමට යාමෙනිග එනම් වැඩි බරක් ඇතිවන පරිද්දෙනුත් කැලම්බිලි සහිත සුළං තත්වවලදීත්යග පසුපස වලිග රොටර තල ක‍්‍රියාකරන්නේ නියමු ආසනයේ පහළින් දෙපසට පෑගීමට තිබෙන පැඩලවලින් වන අතර හැරවුම නොඑසේ නම්ියෝ’ එක :බඳ කරකවා එක් පසෙකට ගුවනේදී හැරවීමෆ පාලනය කිරීමයි තවත් විටක දී එමගින් සිදු වන්නේග කෙස් වෙතත් වලිග රෝටරයේ ප‍්‍රධානතම කාර්යය සැවොම දන්නා පරිදි ප‍්‍රධාන රෝටරය කැරකෙන විට නිව්ටන්ගේ තුන්වන න්‍යායට අනුව යමින් ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසට හෙලිකොප්ටරයේ බඳ කැරකෙන එක වැළැක්වීම බව සිහිපත් කිරීමට කැමැත්තෙමි

පසුපස දිශාවටවන ඇදුම් බලය
ඉදිරියට ඇදී යෑමේ දී ඊට විරුද්ධව ඇතිවන ප‍්‍රතිරෝධී බලය තමයි මේ ඇදුම් බලය කියන්නේග ඇන්ජිමෙන් තමයි මේ බලයට එරෙහිව බලයක් ඇතිකරවන්නේග ප්‍රෝෆයිල්ල ඉන්ඩියුස්ඞ් සහ පැරසයිට් කියන ඇදුම් බල ත‍්‍රිත්වයේ එකතුවෙනුයි එහත කී ඇදුම් බලය සමන්විත වන්නේ.ප්‍රෝෆයිල් නම් වූ ඇදුම් බලය ඇතිවන්නේ කැරකෙන බ්ලේඞ්වල සුළං වැදීමේදී ඇතිවන ඇදුම් බලයත් බ්ලේඞ් නිර්මාණය වී තිබෙන ද්‍රව්‍යයේ රළු ස්වභාවයත් හේතුවෙන්යග කැරකැවෙන බ්ලේඞ් බැලූ බැල්මට සුමුදුවට පෙනුණත් අන්වීක්ෂයකින් බලද්දී එසේ නොවන බව පෙනෙන්නට තිබෙනවා කෝණය නිසා ප්‍රෝෆයිල් නම් වූ ඇදුම් බලයට බලපෑමක් නම් නැහැ.ඉන්ඩියුස්ඞ් නම් වූ ඇදුම් බලය ඇතිවන්නේ ප‍්‍රධාන රෝටරය කැරකෙන විටදී එසවුම් බලය ක‍්‍රියාකරනවාත් එක්කමයිග තලවල අග‍්‍රය ආශ‍්‍රිතව පීඩන වෙනස නිසා ඇතිවන දගර හැඩැති සුළං රැලි තමයි මීට දායක වන්නේ කෝණය වැඩිවනවාත් සමගම ඉන්ඩියුස්ඞ් නම් වූ ඇදුම් බලයද වැඩිවනවා.සෑම විටම ඉදිරියට ගමන්කරන හෙලිකොප්ටර යානාවකට බලපවත්වන්නේ පැරසයිට් නම් වූ ඇදුම් බලයයිග සුළං වේගය වැඩිවන විට ඇදුම් බලයද වැඩිවන බව සුළං වේගය ඇදුම් බලයේ වර්ගයට සමාන වීමෙන් පෙන්වා දෙන කරුණක්

හෙලිකොප්ටරයේ පරිණාමය
ඈත අතීතයේදී කරකවා උඩ යැවියහැකි සෙල්ලමට යොදාගැණුනු භාණ්ඩයක් චීන ජාතිකයන් අතර ප‍්‍රකටව පැවතුණු බවට වාර්තා වනවාග කෙසේ වෙතතත් මිනිස් ගමනයට යොදාගත හැකිවන සිතුවිල්ලක් සහිත සිත්තමක් 1500යේ මැද භාගයේ ලියනාඩෝ ඩාවින්චි විසින් ඔහුගේ අත්පොතේ ස්කෙච් සිතුවමකට කගා තිබුණාග විසි වන ශතවර්ශයේ මුලදී බොහෝ පර්යේෂකයන් තටුසහිත යානා අභයන්තර දහන ඇන්ජින් යොදාගෙන ගුවනට යැවීමට උත්සාහගත්තද එවා ව්‍යර්ථ වුණේ ඉතත කී එසවුම් බලය ලබාගැනීමේ ගැටලූව හා බඳ කොටස කැරකීයාම නැවත්වීමට නොහැකිවූ බැවිනි

ප‍්‍රධාන රෝටරයේ පෙති හැසිරවීමට යොදාගන්නා ස්වොෂ් ප්ලේටය හා එසවුම් බලය කි‍්‍රයාත්මක කරන සයික්ලීක් කොටස නිර්මාණය වනතුරුම එය ගැටලූවක්ව පැවතිණ1907 නොවැම්බර් 13 වැනි දින ප‍්‍රංශ විශේෂඥ පෝල් කෝනු මිනිත්තු කීපයක් යානාවක් ගුවන්ගත කලේ ද්විත්ව රොටර පෙති යොදාගෙනයිග යළි 1924 ප‍්‍රංශ විශේෂඥ එටින් ඔයිමිචෙන් ගේ යානාවක් මිනිත්තු 7 කුත් තත්පර 20ක් ගුවන්ගත වන්නට සමත් වුණාග හෙලිකොප්ටරයේ අභිවර්ධනයට එතැන් සිට වැඩි කාලයක් ගත වුණේ නෑග එස් ජේ ඩි ල සීර්වා විසින් තනනු ලැබූ ඔටෝ ගයිරෝ මොඩලය තාක්ෂණමය වශයෙන් තවත් වැදගත් දායකත්වයක් ලබා දුන්නාග 1936 ජර්මානු වුල්ෆ් ත්‍උ 61 දරන හෙලිකොප්ටරය තමයි ප‍්‍රායෝගික වශයෙන් මුල්ම හෙලිකොප්ටරය වුණේග හෙලිකොප්ටරයක් සිරසට ගුවන් ගත කිරීම තවදුරටත් සිහිනයක් නොවිණග අද වන විට ලොව සෑම රටකම සාමාන්‍ය ගුවන්ගමන් ස`දහාත්ල බේරාගෙනීමේ කටයුතු සඳහාත් අති නවීන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ යුද ප‍්‍රහාරක යානා ස`දහාත් හෙලිකොප්ටර යොදාගන්නවාග මේ සියලූ දේවල්වලින් පෙනෙන එක් දෙයක් තිබෙනවාග එනම් අමාරුම හා වැඩි කාලයක් ගත වන්නේ මුල් නිර්මාණයටයිග එහෙත් ඊට අනුබද්ධ සංවර්ධන විකාශනය එතැන් සිට වේගයෙන් ක‍්‍රියාත්මක වන්නේ ඉතාමත් ඉක්මනිනුයි

ආචාර්ය චින්තක ද සිල්වා සභාපති භෞතික විද්‍යා අංශය විද්‍යාභිවර්ධන සංගමය

Related Posts