ගොසිප්

ජනපති දියණියගේ නවතම ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය.මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතුවරුන් රැසක්, විද්වතුන් රැසක් එක්ව සිටියහ.

Loading...

සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ලෙස දේශපාලන දිවිය අරඹා, කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් චතුරිකා සිරිසේනයන් ලැබූ අත්දැකීම් කැටි කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිඛෙන අතර ජනාධිපති ධූරය දරණ තම පියා පිළිබඳව දියණියක විසින් රචිත ප්‍රථම චරිතාපදානය ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි.

ඊට සමගාමිව මෙම ජායාරූප එකතුව අන්තර්ජාලයට නිකුත් කර ඇත.එම ඡායාරූප එකතුව පහතින්

 

Loading...

 

 

Related Posts