ක්‍රිඩා පුවත්

වේග පන්දුවට වඩා බයවුණු දෙයක් ගැන කළුවිතාරණ පළමු වරට හෙළිකරයි

ටෝනි ගේ‍රග් පවසන අන්දමට ‘ලිට්ල් කළු’ වන ජීවිතයට මෙන්ම සොබාදහමටද මහත් සේ ඇලුම් කරන ක්‍රීඩකයෙක්. විදෙස් රටවල ක්‍රිකට් තරගවලට සහභාගි වෙද්දි ඉඩක් ලැබුණු හැමවිටකම වගේ ඔහු රිංගන්නේ කැලෑවකට. මේ බව ඔහු මෑතකදී ‘ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදී සඳහන්කොට තිබුණා.

Loading...

කළුට අයිති නවාතැන් පලක් උඩවලව කැලෑබද ප්‍රදේශයක පිහිටා තිබෙනවා. මේ වනයට තියෙන ළැදියාව හින්දා කළු අමාරුවෙ වැටුණු හැටිත් ඒ සාකච්ඡාවේදී හෙළි කළා. ඒ අනුව වතාවක් කළුයි, දයාබර බිරියයි, 10 හැවිරිදි පුතායි වන සංචාරයක යද්දී ඔවුන්ගේ වාහනය අලි 6 දෙනකු විසින් වට කරලා.

කොහොම හරි සියල්ල ඉවසාගෙන කට්ටියම නිහඬව සෑහෙන වේලාවක් වාහනය තුළම ඉඳලා. “ඒ බය වේග පන්දු යවන භයානක පන්දු යවන්නකුට මූණ දෙනවට වඩා කීප ගුණයකින් වැඩි බයක්” යැයි  කළු පවසා තිබෙනවා.

Related Posts