දේශපාලන

ඊයේ කට්ටිය හමුවෙලා සාකච්ජා කරපු දේවල් අති සාර්ථකයි – ප්‍රතිඵල අදම ලැබුණු හැටි මෙන්න

අනුෂ – ලලිත් හිරේ දැමූ විගස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ හමුවුනා.එහිදී බන්ධනාගාර ගත වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයගේ දඩුවම් ලිහිල් කිරීමක් ගැන සාකච්ජා වී ඇත.

ඊට ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම දෙදෙනා බන්ධනාගාර රෝහලට මාරු කිරීම ගැනත් අභියාචනයකින් ප්‍රශ්නය විසඳාගතහැක්කේ කෙසේද යන්න ගැනත් රනිල් සමග සාකච්ඡා කර ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.එය සාර්ථක වීම නිසාදෝ ඊයේ සවසම මේ දෙදෙනා අධික දියවැඩියා තත්වය මත බන්ධනාගාර රෝහලට මාරු කරන්නට නිර්දේශ කර ඇත්තේ බරපතල වැඩ නොලබාය.

මේවනවිට වැලිකඩ ‘කේ‘ වාට්ටුවෙහි ඔවුන් රඳවා ඇති බවත් වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය නව සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඔවුන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන් බරපතල දියවැඩියාව රෝගීන් හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිර්දේශ කර තිබෙන බවත් වාර්තා වුණා.