ක්‍රිඩා පුවත්

ලෝකේ කිසිම ක්‍රීඩා ඇමති කෙනෙකුට නැති දෙයක් කොරියාවෙන් – දැන්නම් ටිකක් කට්ටියම දයාසිරිගෙන් පරිස්සං වුනොත් හොදා

ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාට කුකිවොන් තයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වැනි ශ්‍රේණියේ තයිකොන්ඩෝ ගෞරව කළු පටියක් පිරිනමා තිබේ.එම මූලස්ථානය විසින් කිසියම් රාජ්‍යයක ක්‍රීඩා අමාත්‍යවරයෙකුට ප්‍රදානය කරනු ලබන ගෞරව කළුපටිහි උපරිම ශ්‍රේණිය 6 වන අතර, දයාසිරි ජයසේකර මහතා වූෂු ක්‍රීඩාව ඇතුළු තවත් ආත්මාරක්ෂක සටන්ක්‍රම හදාරමින් පෙන්වා ඇති දක්ෂතා හේතුවෙන් පැවැත එන සම්ප්‍රදාය ඉක්මවා 7 වැනි ශ්‍රේණියේ කළු පටියක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක් විය.

Loading...

කොරියන් රජයේ ආරාධනය අනුව තෙදින නිල සංචාරයක එක්වූ අවස්ථාවේදී ඔහුට මෙම ගෞරව කළුපටිය ලැබී ඇත.එම අවස්ථාව සනිටුහන් කරමින් අදාල ප්‍රදානය කල අවස්ථාවේ ජායාරූපයක් පහතින්

 

 

Related Posts