ගොසිප්

සියල්ල හෙළි වෙයි – ඇල්පිටියේ තැපැල් නෝනගේ ඉරණම විසදුණ හැටි

ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම්ම උප තැපැල් කාර්යාලය තුළ ඊයේ (29) අලුයම 5.30 පමණ හටගත් හදිසි ගින්නකින් සිදුවූ එම තැපැල් ස්ථානාධිපතිවරිගේ මරණය දිවි නසා ගැනීමක් බව මේ වන විට අනාවරණය වී ඇත. ඇය මෙසේ ගිනි තබාගෙන ඇත්තේ වස පානය කිරීමෙන් පසුව බව ඇගේ මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

Loading...

මෙසේ මිය ගොස් ඇත්තේ ඇල්පිටිය කංචනමාලා රූපිකා ද සිල්වා (48) නමැති විවාහක කාන්තාවකි. මැය ප්‍රදේශයේ හොඳම උප තැපැල් ස්ථානාධිපතිනිය වශයෙන් කිහිපවරක්ම සම්මාන පවා ලබා ගෙන ඇති බවද පැවසෙයි. මෙම රාජකාරියට අමතරව ඉන් බැහැර අවස්ථාවල තමන් සතු පුවත්පත් අලෙවි නියෝජිත ආයතනයකද කටයුතු කොට ඇති අතර ඊයේ උදෑසන පැමිණ එම රාජකාරි කටයුතුවල ද නිරතව ඇත.

මෙම ගොඩනැගිල්ලේ දුමක් නගිනු දැක ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.ඒ වන විට එම කාන්තාව දැඩිලෙස පිළිස්සි තුවාල ලබා සිට තිබේ. රෝහල්ගත කිරීමෙන් පසු ඇය මියගොස් ඇත. ඊයේ ඇය වෙනදාට වඩා පැය භාගයකට පමණ කලින් තැපැල් කාර්යාලයට පැමිණ ඇති බව සඳහන්ය. වස පානය කිරීමෙන් පසු තැපැල් කාර්යාලයේ ලිපි ද්‍රව්‍යවලට ගිනි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related Posts